රට ඉඳි සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද කිලෝ ග්‍රෑම්යකට රුපියල් 200 සිට රුපියලක් දක්වා අඩු කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කර තිබෙනවා.
එළැඹෙන රාමසාන් උත්සවය වෙනුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ජනාධිපති කාර්යාලයේ ප්‍රකාශකයෙක් කියා සිටියේ මෙම බදු නිදහස් කිරීම අදාල වන්නේ විදෙස් රටවල්, සංවිධාන, ව්‍යාපාරික ආයතන, ස්වේච්ඡා සංගම්, සුභ පතන්නන් වෙතින් කිසිදු විදේශ විනිමය සම්බන්ධයකින් තොරව ත්‍යාගයක් හෝ පරිත්‍යාගයක් ලෙස ලැබුණු රටඉඳි සඳහා පමණක් බවයි.