25.9 C
Colombo
Thursday, December 5, 2024

වසර මිලියන 99ක් පැරණි ෆොසිලයකින් විද්‍යාඥයන් සොයාගත් දේ

- Advertisement -

මියන්මාරයේදී හමු වූ ෆොසිල අධ්‍යන කිරීමෙන් විද්‍යාඥයන් අමුතු, ඒත් විස්මයජනක සත්වයෙකු ගැන කරුණු සොයාගෙන. විස්මයජනක කරුණ වන්නේ විද්‍යාඥයන් සොයාගත් එම සත්වයාට ඈතට විදීමට හැකි දිවක් තිබීම.

ඇත්ත, එවැනි දිවක් තිබෙන සත්වයන් ඕනෑ තරම් අද සිටිනවා. එහෙත්, මේ සොයාගැනීම පසුපස ඇති විද්‍යාඥයන්ට වැදගත් කරුණ වන්නේ වසර මිලියන අනූනවයක් මේ සත්වයා පැරණි වීම. වසර මිලියන අනූනවයක් කියන්නේ ඉතා දීර්ඝ කාලයකට පෙර. අදටත් සත්වයන් ගැන අධ්‍යන කරන උදවිය තමන්ගේ දිව ඈතට විදිමින් දඩයම් කළ හැකි සත්වයන් පිළිබඳ උනන්දුවක් දක්වනවා. වනජීවී ඡායාරූප ශිල්පියෙකුට හෝ වාර්තා චිත්‍රපටිකරුවෙකුට එවැනි සතෙක් දඩයම් කරන අයුරු අල්ලාගැනීම තරම් විශේෂ අවස්ථාවක් නැහැ. ඒ අනුව දිවෙන් දඩයම් කරන සතුන් අතර, මේ ෆොසිල හමු වූ සත්වයා ආදීතමයෙක් විය හැකියි.

albanerpetontids ගණයට අයත් මේ සතුන් වර්ගයට උරගයෙකුගේ පෙනුමම අඩු වැඩි වශයෙන් තිබෙනවා. ගණ සමක්, කොරපොතු ආදිය තිබෙනවා.  එම සත්ව වර්ගයට දී ඇති නාමය Yaksha perettii. එහෙත්, මේ සත්වයා උරග කුලයටත් වඩා උභය ජීවී කුලයට අයත් වන බව විද්‍යාඥයන් පවසනවා.

අද අප උභය ජීවීන් ලෙස හඳුනාගන්නා ප්‍රධාන සතුන් වර්ග වන්නේ ගෙම්බන්, සලමන්දරයන් සහ පාද නැති සෙසිලියන් යන සතුන් වර්ග තුන.

අපගේ කතාබහට මුල් වූ ආදිකාලීන සත්වයා පිළිබඳ අධ්‍යන කර තිබුණේ ෆ්ලොරීඩාහි Florida Museum of Natural History’s digital discovery and dissemination laboratory ආයතනයේ අධ්‍යක්ෂ එඩ්වර්ඩ් ස්ටැන්ලි ප්‍රමුඛ කණ්ඩායමක්.

ස්ටැන්ලි කියා තිබුණේ ‘ ඔවුන්ගේ දිව දැක්කාම, එවැනි දිවක් තිබෙන සතුන්ගේ පරම්පරාව ගැන අලුත් අවබෝධයක් අපට ලබාගන්න පුළුවන්. මේ සොයාගැනීම අමුතු, ඒත් පුංචි සතුන් කාණ්ඩයක් ගැන අඳුරු ඉතිහාසයට හරිම ලස්සන තොරතුරු ටිකක් එකතු කරනවා.’ කියායි.

මෙම අධ්‍යනයට එකතු වී සිටි ලන්ඩන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සූසන් එවන්ස් කියන්නේ මේ උභය ජීවීන් වර්ගයේ ඉතිහාසය අවුරුදු මිලියන 250ක් පමණ දක්වා ඇදී යෑමේ ඉඩක් තිබෙන බව. ඇතැම්විට ඔවුන් කටුස්සන්ටත් වඩා දීර්ඝ ඉතිහාසයක් ඇති සතුන් වර්ගයක් විය හැකි බව ඇය කියනවා.

මෙම අපූරු සොයාගැනීම උභය ජීවීන්ගේ ඉතිහාසය සොයා යන ගමනේ අපූරු අවස්ථාවක් ලෙස සැලකිය හැකියි.

සාරා හනීෆා

RECENT ARTICLES - SINHALA

අතුරු සම්මත ගිණුම අද පාර්ලිමේන්තුවට

2025 වර්ෂයේ පළමු මාස 04 සඳහා රජයේ කාර්යයන් සහ ණය සේවාකරණය අඛණ්ඩව කරගෙන යාම සඳහා අතුරු සම්මත ගිණුම අද (05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. අග්‍රාමාත්‍ය...

බාර් ලයිසන් ගත්ත අයගේ නම් ලිස්ට් එක මෙන්න

2024 වර්ෂය සඳහා නිකුත් කරන ලද සුරාබදු බලපත්‍රවල සියලුම තොරතුරු ඊයේ (04) පාර්ලිමේන්තුවේදී අමාත්‍ය බිමල් රත්නායක මහතා හෙළි කළා. ඊ‌ට අදාළ නාම ලේඛනය පහතින් Notes_241204_213819Download https://www.news19.lk/here-is-the-number-of-bar-licenses-given-by-ranil-revealed-by-bimal1/

බිමල් හෙළිකල රනිල් දීපු බාර් ලයිසන් ගණන මෙන්න

2024 වසරේ ජනවාරි 1වනදා සිට ඔක්තෝබර් 6 දක්වා කාලය තුළ සුරාබදු දෙපාර්මේන්තුව විසින් මත්පැන් බලපත්‍ර 361ක් ලබාදී ඇති බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා...

POPULAR ARTICLES

අතුරු සම්මත ගිණුම අද පාර්ලිමේන්තුවට

2025 වර්ෂයේ පළමු මාස 04 සඳහා රජයේ කාර්යයන් සහ ණය සේවාකරණය අඛණ්ඩව කරගෙන යාම සඳහා අතුරු සම්මත ගිණුම අද (05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. අග්‍රාමාත්‍ය...

රශීඩ්ගෙන් ආයාචනයක්

තලේබාන් රජය එරට කාන්තාවන්ට වෛද්‍ය පුහුණුව තහනම් කිරීමට ගත් තීරණය පිළිබඳ නැවත සලකාබලන මෙන් ඇෆ්ගනිස්තානයේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක රෂීඩ් ඛාන් ඉල්ලීමක් කර තිබෙනවා. ඇෆ්ගනිස්තාන කාන්තාවන්ට...

බාර් ලයිසන් ගත්ත අයගේ නම් ලිස්ට් එක මෙන්න

2024 වර්ෂය සඳහා නිකුත් කරන ලද සුරාබදු බලපත්‍රවල සියලුම තොරතුරු ඊයේ (04) පාර්ලිමේන්තුවේදී අමාත්‍ය බිමල් රත්නායක මහතා හෙළි කළා. ඊ‌ට අදාළ නාම ලේඛනය පහතින් Notes_241204_213819Download https://www.news19.lk/here-is-the-number-of-bar-licenses-given-by-ranil-revealed-by-bimal1/