28.8 C
Colombo
Tuesday, April 1, 2025

ආණ්ඩුවෙන් සිංහල සංස්කෘතික මධ්‍යස්ථානය බේරගන්න බන්දු සමරසිංහත් පෙරට එයි

- Advertisement -

සුප්‍රසිද්ධ ‘සුදර්ශිය’ හෙවත් සිංහල සංස්කෘතික මධ්‍යස්ථානය බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික අමාත්‍යාංශය වෙත පවරාගැනීමට වන සූදානමට විරෝධය පලකරමින් කලාකරුවන් රැසක් පෙත්සමකට අත්සන් තබා තිබෙනවා.

එහි විශේෂත්වය වන්නේ වත්මන් රජය බලයට පත්කිරීමට දේශපාලන වේදිකාවට පවා ගොඩවූ ඇතැම් කලාකරුවන්ද අදාල පෙත්සමට අත්සන් කර තිබීමයි.

ඒ අතර නොයෙකුත් උසුළු විසුළු කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දේශපාලන වේදිකාවේ කතා පැවැත්වූ බන්දු සමරසිංහ මහතාද සිටීමද විශේෂත්වයක්.

මීට අමතරව වර්තමාන ආණ්ඩුව මාලදිවයිනේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත්කර යැවූ රෝහණ බැද්දගේ මහතාගේ පුත් තාරක බැද්දගේ මහතාද අදාල පෙත්සමට අත්සන් තබා තිබෙනවා.

වසර 62 ක ඉතිහාසයකට උරුමකම් කියන සුදර්ශිය මීට පෙර අවස්ථා දෙකකදී එනම් 2009 වසරේ සහ 2016 යන වසරවලද ජපානයේ රාජ්‍ය නොවන සංවිධානයක් වන ‘සසකාවා’ සංවිධානයට විකිණීමට උත්සහ දැරීමට එරෙහිවද කලාකරුවන් දැඩිලෙස විරෝධය පලකළා.

කොළඹ බෞද්ධාලෝක මාවතේ අංක 375 දරණ ස්ථානයේ පර්චස් 189 ක වටිනා භූමියක පිහිටි මෙම ආයතනය නිරන්තරයෙන් විකිණීමට උත්සහ කිරීමට ලක්වන තවත් ස්ථානයක් බවට මේ වන විට පත්වී අවසන්.

RECENT ARTICLES - SINHALA

ත්‍රීරෝද රථ ගාස්තුව ගැන තීරණයක්

ඉන්ධන මිල ගණන් අඩු වුවත් ත්‍රිරෝද ගාස්තුවේ කිසිදු වෙනසක් සිදුකිරීමට හැකියාවක් නොමැති බව බස්නාහිර පළාත් ත්‍රිරෝද රථ රියදුරන්ගේ හා හිමිකරුවන්ගේ සංගමය පවසනවා. එහි සභාපති,...

හිටපු යුද හමුදා මේජර් මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු

යුද හමුදාවේ හිටපු හමුදා මේජර්වරයෙකු සහ ඔහුගේ අනියම් බිරිද බව කියන කාන්තාවක් අයිස් මත්කුඩු හා කේරළ ගංජා සමඟ ඊයේ (31) අනුරාධපුර රෝහල් මාර්ගයේ පිහිටි...

සතාසිවම් යළි රිමාන්ඩ්

අල්ලස් ලබා ගැනීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු අමාත්‍ය සතාසිවම් වියාලේන්ද්‍රන් මහතා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඔහු ලබන 08...

POPULAR ARTICLES

ත්‍රීරෝද රථ ගාස්තුව ගැන තීරණයක්

ඉන්ධන මිල ගණන් අඩු වුවත් ත්‍රිරෝද ගාස්තුවේ කිසිදු වෙනසක් සිදුකිරීමට හැකියාවක් නොමැති බව බස්නාහිර පළාත් ත්‍රිරෝද රථ රියදුරන්ගේ හා හිමිකරුවන්ගේ සංගමය පවසනවා. එහි සභාපති,...

ආණ්ඩු විවේචනය කරනවා කියන්නේ හිරේ යන වැඩක් – සජිත්

ආණ්ඩුව විවේචනය කිරීම හා හරි වැරැදි කරුණු පෙන්වා දීම හිර ගෙදරට සහ බන්ධනාගාරයට යෑමට හේතුවක් වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කුණ්ඩසාලේදී...

හිටපු යුද හමුදා මේජර් මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු

යුද හමුදාවේ හිටපු හමුදා මේජර්වරයෙකු සහ ඔහුගේ අනියම් බිරිද බව කියන කාන්තාවක් අයිස් මත්කුඩු හා කේරළ ගංජා සමඟ ඊයේ (31) අනුරාධපුර රෝහල් මාර්ගයේ පිහිටි...