27.3 C
Colombo
Wednesday, April 9, 2025

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති කිරීමට එරෙහිව වෛද්‍ය පීඨ සිසුන් විරෝධතාවයක

- Advertisement -

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව විසින් ලයිසියම් සහ කොතලාවල ආයතන යොදා ගනිමින් නැවත පෞද්ගලික වෛද්‍ය විද්‍යාල බිහි කිරීමේ සැලැස්මක් ඇතැයි රාගම වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය සභාපති ස්ටීව් සොලමන් පවසනවා.

ඔහු මේ බව පැවසුවේ වෛද්‍ය පීඨ සිසුන් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට ඊට එරෙහිව විරෝධතාවයක නිරතව සිටිය දී යි.

නිදහස් අධ්‍යාපනය බිද වැට්ටවීමේ පියවරක් ලෙස නැවතත් පෞද්ගලික වෛද්‍ය පීඨ රට තුළ නිර්මාණය කිරීමේ සැලැස්මක් වර්තමාන ආණ්ඩුව විසින් ගෙන යන බවත් එවැනි පසුබිමක පෞද්ගලික වෛද්‍ය සිසුන් සදහා සුදුසු ශික්ෂණ රෝහල් සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත් කර ඇති බව රාගම වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති සඳහන් කරනවා.

මෙම කමිටුවට හා එම තීරණයට විරෝධතාවය පළ කරමින් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව අද (20) දින සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට දී නිහඩ විරෝධතාවයක් පවත්වනු ලැබුවා.

රෝගී ජීවිත වෙන්දේසියේ යොදවමින් රෝහල් තුළම රෝගී ජීවිත අලෙවි කිරීමට හා ඒ මගින් නිදහස් සෞඛ්‍ය සේවයටද බලපෑමක් සිදු කරමින් ගෙන යාමට උත්සාහ කරන මේ වැඩපිළිවෙළ වහාම හකුලා ගත යුතු බවයි වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව අවධාරණය කර සිටින්නේ.

RECENT ARTICLES - SINHALA

වැඩබලන පොලිස්පතිගෙන් චක්‍රලේඛයක්

ශ්‍රී ලංකා පොලීසිය සහ මහජන සම්බන්ධතා ශක්තිමත් කිරීමට නව මුහුණුවරකින් මහජන ආරක්ෂක කමිටු පිහිටුවීම සඳහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් චක්‍රලේඛයක් මඟින් සියළුම...

කුරුණෑගල ඉන්ධන පිරවුම්හලේ පිපිරීම ගැන විමර්ශන

කුරුණෑගල, වැහැර ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක සිදු වූ පිපිරීමට හේතුව සොයා විමර්ශන සිදුකර තිබෙනවා. එහි ගෑස් ගබඩාකිරීම හා නිකුත් කිරීම නීත්‍යානුකූල අයුරින් සිදුවූවක් ද යන්න පිළිබඳයි...

හික්කඩුවේ වෙඩිතැබීමට සැකකරුවෙක් අත්අඩංගුවට

හික්කඩුව කුමාරකන්ද ප්‍රදේශයේදී අඹුසැමි යුවළකට වෙඩිතබා එහි පිරිමි පුද්ගලයා ඝාතනය කිරීමේ සිද්ධියේ විමර්ශනවලට අදාළව සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පවසන්නේ, පසුගිය 03 වනදා රාත්‍රියේ මාර්ගය අසල...

POPULAR ARTICLES

වැඩබලන පොලිස්පතිගෙන් චක්‍රලේඛයක්

ශ්‍රී ලංකා පොලීසිය සහ මහජන සම්බන්ධතා ශක්තිමත් කිරීමට නව මුහුණුවරකින් මහජන ආරක්ෂක කමිටු පිහිටුවීම සඳහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් චක්‍රලේඛයක් මඟින් සියළුම...

ඇමෙරිකන් බිස්නස් රකිනවා – චීනයෙන් පොරොන්දුවක්

ඇමරිකානු ව්‍යවසායන් ඇතුළු චීනයේ විදේශ ආයෝජන ව්‍යවසායන්හි නිත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කරන බව චීනය අවධාරණය කර තිබෙනවා. චීන වාණිජ උප ඇමති සහ ජාත්‍යන්තර වෙළඳ සාකච්ඡා සඳහා...