26 C
Colombo
Wednesday, April 9, 2025

වතුකරයේ මත්පැන් අලෙවිය සීඝ්‍රයෙන් පහළ‍ට

- Advertisement -

උඩරට වතුකරය ආශ්‍රිත ප්‍රදේශවල මත්පැන් අලෙවිය සියයට හතලිහකින් පමණ පහත බැස ඇතැයි උඩරට මත්පැන්හල් හිමියන් පවසනවා.

මේ හේතුවෙන් උඩරට මත්පැන්හල්වලට ගෙන එනු ලබන මත්පැන් වර්ග වැඩි දින ගණනක් මත්පැන්හල්වල ගබඩා කොට තබා තිබෙන බවත්, බියර් අලෙවියද ඉතා සීඝ්‍ර ලෙස පහත බැස තිබෙන බව ඔවුන් සඳහන් කරනවා.

උඩරට වතුකරයේ වතු කම්කරුවන් හා අනෙකුත් පිරිස් දැඩි ආර්ථික දුෂ්කරතාවයන්ට මුහුණ පා සිටින කාලයක මත්පැන් වර්ගවල මිල ගණන් ඉහළයාම, අලෙවිය අඩුවීමට ප්‍රධානතම හේතුවක් ලෙසයි මත්පැන්හල් හිමියන් පෙන්වා දෙන්නේ.

උඩරට වතුකරය ආශ්‍රිත ප්‍රදේශවල මත්පැන් අලෙවිය මීට ඉහත දී ඉහළ මට්ටමක පැවැති බවත්, මේ හේතුවෙන් මත්පැන්හල් වල ආදායම් මට්ටමද දිනෙන් දින පහත බසිමින් පවතින බව සඳහන්.

මෙසේ බියර් අළෙවිය ද පහත බැසීම හේතුවෙන් ඇතැම් මත්පැන්හල්වල බියර් බෝතල් කල් ඉකුත්වීමේ ප්‍රවණතාවයක් ද මතුව තිබෙනවා.

කල් ඉකුත් වු බියර් බෝතල් හා ටින් නැවත ඒවා ලබා දෙන ආයතනවලට හරවා යැවීමට සිදුව ඇති බවද මත්පැන්හල් හිමියන් සඳහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

වැඩබලන පොලිස්පතිගෙන් චක්‍රලේඛයක්

ශ්‍රී ලංකා පොලීසිය සහ මහජන සම්බන්ධතා ශක්තිමත් කිරීමට නව මුහුණුවරකින් මහජන ආරක්ෂක කමිටු පිහිටුවීම සඳහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් චක්‍රලේඛයක් මඟින් සියළුම...

කුරුණෑගල ඉන්ධන පිරවුම්හලේ පිපිරීම ගැන විමර්ශන

කුරුණෑගල, වැහැර ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක සිදු වූ පිපිරීමට හේතුව සොයා විමර්ශන සිදුකර තිබෙනවා. එහි ගෑස් ගබඩාකිරීම හා නිකුත් කිරීම නීත්‍යානුකූල අයුරින් සිදුවූවක් ද යන්න පිළිබඳයි...

හික්කඩුවේ වෙඩිතැබීමට සැකකරුවෙක් අත්අඩංගුවට

හික්කඩුව කුමාරකන්ද ප්‍රදේශයේදී අඹුසැමි යුවළකට වෙඩිතබා එහි පිරිමි පුද්ගලයා ඝාතනය කිරීමේ සිද්ධියේ විමර්ශනවලට අදාළව සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පවසන්නේ, පසුගිය 03 වනදා රාත්‍රියේ මාර්ගය අසල...

POPULAR ARTICLES

වැඩබලන පොලිස්පතිගෙන් චක්‍රලේඛයක්

ශ්‍රී ලංකා පොලීසිය සහ මහජන සම්බන්ධතා ශක්තිමත් කිරීමට නව මුහුණුවරකින් මහජන ආරක්ෂක කමිටු පිහිටුවීම සඳහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් චක්‍රලේඛයක් මඟින් සියළුම...

ඇමෙරිකන් බිස්නස් රකිනවා – චීනයෙන් පොරොන්දුවක්

ඇමරිකානු ව්‍යවසායන් ඇතුළු චීනයේ විදේශ ආයෝජන ව්‍යවසායන්හි නිත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කරන බව චීනය අවධාරණය කර තිබෙනවා. චීන වාණිජ උප ඇමති සහ ජාත්‍යන්තර වෙළඳ සාකච්ඡා සඳහා...