29.1 C
Colombo
Wednesday, April 9, 2025

හරක් කටා හා කුඩු සලිදුගේ ආරක්ෂාව ගැන විරෝධතා ගොනු කිරීමට කල් දෙයි

- Advertisement -

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා සහ සලිදු මල්ශික හෙවත් කුඩු සලිදු යන අයගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා ඔවුන්ගේ දෙමව්පියන් විසින් ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සමට අදාලව අප්‍රේල් මස 4 වැනිදා ට පෙර සීමිත විරෝධතා ගොනු කරන ලෙස අභියාචනාධිකරණය අද (20) නීතිපතිවරයාට කල් ලබා දුන්නා.

ඒ, මෙම පෙත්සම අද (20) අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේ දීයි.

අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් දෙදෙනා රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින බවත්,එම සැකකරුවන් දෙදෙනා කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් නිරීක්ෂණය කළ බවත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ශනිල් කුලරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියා

මෙම අවස්ථාවේ දී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් අත්අඩංගුවේ පසුවන තම සේවාදායකයින් ගේ ජීවිත ආරක්ෂාව දැඩි තර්ජනයකට ලක් වී තිබෙන බව දන්වා සිටියා.

ජාත්‍යන්තර ත්‍රස්තවාදි සංවිධාන හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සම්බන්ධතා පවත්වමින් අවි ආයුධ රැස් කොට වෙඩික්කරුවන් යොදා ශ්‍රී ලංකාව තුළ මිනීමැරුම් ඇතුළු අපරාධ සිදුකිරීම සම්බන්ධයෙන් තම සේවාදායකයාට චෝදනා එල්ල වී තිබෙන බව ඔහු වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් නිකුත් කළ රැඳවුම් නියෝගයේ සඳහන් වන බව කුඩු සලිදු නමැති විත්තිකරුගේ පියා ඉදිරිපත් කළ පෙත්සම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි අධිකරණය කරුණු දක්වමින් පෙන්වා දුන්නා.

මෙවැනි බරපතළ චෝදනා එල්ල වූ සැකකරුවකු පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි විමර්ශන අංශය මගින් විමර්ශන සිදුකිරීම විමතිය දනවන කරුණක් බවත් පසුගිය කාලයේ රැඳවුම් නියෝග මත අත්අඩංගුවේ සිටි මාකඳුරේ මධුෂ් නමැති සැකකරු රැඳවුම් නියෝග අවසන් වී දින දෙකකින් පසුව විමර්ශන කටයුතු සඳහා පිටස්තර ස්ථානයකට රැගෙන ගිය අවස්ථාවේ දී වෙඩි තබා මරා දැමු බවද පෙන්වා දුන්නා.

හරක් කටා නැමති සැකකරු වෙනුවෙන් ඔහුගේ පියා ඉදිරිපත් කළ පෙත්සම සඳහා පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මෙම සැකකරුගේ ආරක්ෂාව තහවුරු කිරීමේ වගකීම රජයට තිබෙන බව සඳහන් කළා.

මෙම අවස්ථාවේ දී නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් ශනිල් කුලරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම් මුළුමනින්ම උපකල්පනය කරන ලද කරුණු මත ගොනු කර තිබෙන හෙයින් ඒවා විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා සිටියා.

මෙම අවස්ථාවේ දී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා හා ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අතර උණුසුම් වචන හුවමාරුවක් ද ඇති වී තිබෙනවා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය පෙත්සම්වලට අදාල සීමිත විරෝධතා අප්‍රේල් මස 4 වැනිදාට පෙර ගොනුකරන ලෙස අභියාචනාධිකරණය නීතිපතිවරයාට නියෝග කළා.

RECENT ARTICLES - SINHALA

ට්‍රම්ප්ට ෆෝන් එකෙන් කතා කරන්න පුළුවන් නායකයන් ඕනේ – කිරිඇල්ල

ඇමරිකාවේ ප්‍රතිචාරක බද්ද  හේතුවෙන් ලොකු අර්බුදයක් මතුව ඇති මොහොතේ රටට අවශ්‍ය වන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට හෝ ජාත්‍යන්තරයට දුරකතනයෙන් සෘජුව  ඇමතිය හැකි නායකයන් බව සමගි  ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික්...

පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්

2025 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල නිවාඩු කාලය සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා ඒ අනුව පළමු පාසල් වාරයේ දෙවන අදියර...

කතරගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අත්අඩංගුවට

කතරගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අශෝක වික්‍රමසිංහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ රාජපක්ෂ පවුලට අයත් ප්‍රදේශයේ නිවසකට අදාළ ලියකියවිලි සකස් කිරීමේ චෝදනාව...

POPULAR ARTICLES

ට්‍රම්ප්ට ෆෝන් එකෙන් කතා කරන්න පුළුවන් නායකයන් ඕනේ – කිරිඇල්ල

ඇමරිකාවේ ප්‍රතිචාරක බද්ද  හේතුවෙන් ලොකු අර්බුදයක් මතුව ඇති මොහොතේ රටට අවශ්‍ය වන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට හෝ ජාත්‍යන්තරයට දුරකතනයෙන් සෘජුව  ඇමතිය හැකි නායකයන් බව සමගි  ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික්...

පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්

2025 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල නිවාඩු කාලය සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා ඒ අනුව පළමු පාසල් වාරයේ දෙවන අදියර...

Breaking: පාස්කු සිද්ධියට අදාළව පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට

පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලට අදාළව රාජ්‍ය බුද්ධි සේවයට අනියුක්ත  පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්. 2018 වසරේ නොවැම්බර් මාසයේදී මඩකලපුව- වව්නිතව්  ප්‍රදේශයේ...