ඛනිජ තෙල් සංස්ථාව පෞද්ගලිකරණය කිරීමට රජය ගෙන ඇති තීරණය පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අද (28) දිනයේ පැවැත්වෙන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව පවසනවා.
එම සාකච්ඡාවෙන් අනතුරුව සිය ඉදිරි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දැනුවත් කිරීමට සුදානම් බවයි පොදුජන ප්‍රගතිශීලි සේවක සංගමයේ සභාපති බන්දුල සමන් කුමාර මහතා කියා සිටියේ.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ රජය සතු කොටස් විකිණීමට එරෙහිව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව ඊයේ (27) පෙරවරුවේ ආරම්භ කළ සත්‍යග්‍රහය මේ වන විට අඛණ්ඩව පැවැත්වෙන බවයි.