28 C
Colombo
Wednesday, April 30, 2025

සහරාන්ගෙන් අවි පුහුණුව ලැබූ කොටිපති ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට

- Advertisement -

තවුහිද් ජමාද් සංවිධානයේ නායක ‘මොහොමඩ් සහ්රාන්’ ගෙන් හම්බන්තොට ප්‍රදේශයේ ආරක්ෂක නිවස්නයකදී අවි පුහුණුව ලබා පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට ආධාර අනුබල ලබාදුන් බව කියන එම සංවිධානයේ ප්‍රබල සාමාජිකයෙකු වන කෝටිපති ව්‍යාපාරිකයෙකු දින 90ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසාන් අමරසේන මහතා ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයට ඊයේ (27) අවසර ලබා දුන්නා.

මෙලෙස රැදවුම් නියෝග නිකුත් කර ඇත්තේ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මහනුවර පදිංචි ඒ. එස්. අබ්දුල්ලා යන අයයි.

අන්තවාදී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වී ඒ සදහා ආධාර අනුබල දීම සම්බන්ධයෙන් ඉකුත් 21 වැනිදා අත්අඩංගුවට ගත් මෙම සැකකරු, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයාගෙන් ලබාගත් දින 90ක රැදවුම් නියෝග මත තම කොට්ඨාසයේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරිමට අවසර ලබා දෙන ලෙස ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය අධිකරණයෙන් ඉල්ලා තිබුණා.

ඒ අනුව සැකකරු ලබන ජුනි මස 22 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා එම කොට්ඨාසයට නියෝග කරමින් එදින තෙක් නඩුව කල් තබනු ලැබූවා.

RECENT ARTICLES - SINHALA

Breaking: ඉන්ධන මිල පහළට

අද (30) මධ්‍යම රාත්‍රි සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව රුපියල් 299.00 ක්ව පැවති...

ක්ලීන් ශ්‍රී ලංකා යටතේ අක්කර දහසක වන වගාවක්

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන, පුද්ගලික අංශය සමග එක්ව අක්කර දහසක වන වගාවක් ස්ථාපනය කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.  ක්ලීන් ශ්‍රී ලංකා...

දේපල වංචාවකට හිටපු පොලිස් සැරයන්වරියක් අත්අඩංගුවට

කූඨ ලේඛණ සකස් කර රුපියල් කෝටි 03 ක් පමණ වටිනා දේපළ අත්පත් කරගෙන සිටි කාන්තාවක්ව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට...

POPULAR ARTICLES