26 C
Colombo
Wednesday, April 30, 2025

ඩේලි මේල් පුවත්පත් ප්‍රකාශකයාට එරෙහිව හැරී කුමරු නඩු මඟට

- Advertisement -

පසුගිය සඳුදා (27) ලන්ඩන් මහාධිකරණයේ දී ඩේලි මේල් පුවත්පතේ ප්‍රකාශකයාට එරෙහිව බ්‍රිතාන්‍යයේ හැරී කුමරු, ගායක එල්ටන් ජෝන් සහ තවත් පස් දෙනෙකු විසින් නඩුවක් ගොනු කරනු ලැබුවා.

ඒ වසර ගණනාවක් තිස්සේ ඔවුන්ගේ දුරකතන ඇමතුම් අනවසරයෙන් පටිගත කිරීම සහ පෞද්ගලිකත්වය හානි කිරීම සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවක් මතයි.

ඔවුන් චෝදනා කරන්නේ ඉරිදා දින ඩේලි මේල් සහ ද මේල් යන පුවත්පත් වෙනුවෙන් සේවය කරන මාධ්‍යවේදීන් හෝ පෞද්ගලික විමර්ශකයින් විසින් සිදු කරන ලද “නීති විරෝධී ක්‍රියා රාශියකට” ඔවුන් ගොදුරු වූ බව‍යි.

ඔවුන්ගේ නීතීඥ ඩේවිඩ් ෂර්බෝන් පවසන්නේ ජංගම දුරකථන පණිවිඩ සඳහා අනවසරයෙන් ඇතුළුවීම, ඇමතුම් පටිගත කිරීම, වෛද්‍ය වාර්තා වැනි පුද්ගලික තොරතුරු ලබා ගැනීම සහ පෞද්ගලික දේපල කැඩීම සහ ඇතුල්වීම සිදු කිරීම, මෙයට ඇතුළත් බවයි.

හැරී කුමරු ලන්ඩනයේ සිටින විට ඔහුගේ පියා චාල්ස් රජු හෝ වැඩිමහල් සහෝදරයා වන විලියම් දැකීමට බලාපොරොත්තු නොවන බවත්, මැයි මාසයේ නව රාජාභිෂේකයට ඔහුගේ පැමිණීම තවමත් තහවුරු කර නොමැත.

RECENT ARTICLES - SINHALA

Breaking: ඉන්ධන මිල පහළට

අද (30) මධ්‍යම රාත්‍රි සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව රුපියල් 299.00 ක්ව පැවති...

ක්ලීන් ශ්‍රී ලංකා යටතේ අක්කර දහසක වන වගාවක්

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන, පුද්ගලික අංශය සමග එක්ව අක්කර දහසක වන වගාවක් ස්ථාපනය කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.  ක්ලීන් ශ්‍රී ලංකා...

දේපල වංචාවකට හිටපු පොලිස් සැරයන්වරියක් අත්අඩංගුවට

කූඨ ලේඛණ සකස් කර රුපියල් කෝටි 03 ක් පමණ වටිනා දේපළ අත්පත් කරගෙන සිටි කාන්තාවක්ව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට...

POPULAR ARTICLES