28.4 C
Colombo
Saturday, April 12, 2025

රනිල්ගේ නිවසට ගිනිතැබීමට ස.ජ.බ හිටපු මන්ත්‍රී අත්අඩංගුවට

- Advertisement -

අරගල සමයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කොල්ලුපිටියේ පස්වන පටුමගේ පිහිටි පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (27) රාත්‍රියේ කෝට්ටේ මහ නගර සභාවේ හිටපු විපක්ෂ නායක චන්දිම නයනජිත් මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු සම්බන්ධයෙන් හෙළි කරගත් තොරතුරු අනුව ඊයේ රාත්‍රියේ සැකකරු සිය නිවසේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබුවා.

සැකකරු අද (28) කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදි අදාළ සිදුවීම වූ දිනයේ දී සියදෙනෙකු එම ස්ථානයට රැගෙන ගිය බවට පැවසෙන හඬ පටයක් සම්බන්ධයෙන් විමර්ශන සිදු කෙරෙන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා.

එහි දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටි අතර ඒ අනුව ලබන මස 04 වනදා දක්වා සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

RECENT ARTICLES - SINHALA

මමවත් නොදන්න අය අපේ මන්ත්‍රි කණ්ඩායමේ ඉන්නවා-ඇමති ලාල් කාන්ත

පාර්ලිමේන්තුවේ තම පක්ෂයේ සිටින ඇතැම් මන්ත්‍රිවරු සමඟි ජනබලවේගයේද එසේ නොමැති නම් ජාතික ජන බලවේගයේද යන්න සැකය තමා තුල පවතින බව කෘෂි කර්ම අමාත්‍ය කේ.ඩී...

WhatsApp හදිසියේ බිඳ වැටෙයි

ලොව පුරා දහස් ගණනක් පරිශීලකයින් සඳහා වට්සැප් සමාජ මාධ්‍ය ජාලයේ යම් බිඳවැටීමක් සිදුව තිබෙනවා. ඒ අනුව, වට්ස් ඇප්  පණිවුඩ යැවීම status එකතු කිරීම වැනි කටයුතු...

කටපාඩම් නොකළැයි 7 හැවිරිදි සිසුන්ට අමානුෂික ලෙස පහර දීලා

ගුරුවරයෙකු විසින් දරුවන්ට අමානුෂික ලෙස පහරදීම පිලිබඳව සමාජ මාධ්‍යය ඔස්සේ සංසරණය වන පුවතක් සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. කොළඹ අධ්‍යාපන කලාපයේ...

POPULAR ARTICLES