රට තුළ ඉන්ධන බෙදා හැරීම සහ සැපයුම සාමාන්‍ය පරිදි සිදු කිරීමට අවශ්‍ය පියවර ගැනීම පිළිබඳව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මේ අනුව ඉන්ධන බෙදා හැරීමේ කටයුතුවලට බාධාවන ලෙස ඉන්ධන බෙදා හැරීමේ රාජකාරි කටයුතුවල සේවයේ යෙදී සිටි සේවකයින් බලපෑම් කරමින් එම සේවාවන් අවහිර කිරීමට කටයුතු කරන වෘත්තීය සමිති නායකයින් සහ එයට සහාය දුන් සේවකයින් අනිවාර්ය නිවාඩු යැවීමට කළමනාකාරීත්වය තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ,
ඊට අමතරව ඔවුන්ට ඊයේ (28) සිට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථ පරිශ්‍රය, ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සේවා පරිශ්‍රයන් තහනම් කලාප වනු ඇති.
අදාළ නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් වන්නේ අනෙක් සියලුම නිලධාරීන් සේවයට වාර්තාකර ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සහ අනෙකුත් සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙසයි.
