29 C
Colombo
Wednesday, April 30, 2025

ජාතික රූපවාහිනියත් විකුණන්න යයි

- Advertisement -

ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් අසංග ජයලත් විසින් සේවකයන් වෙත ස්වේච්ඡාවෙන් සේවයෙන් ඉවත් වන්නේ නම් ඒ සඳහා අදාළ අයදුම්පත් ඉදිරිපත් කරන ලෙස දන්වා තිබෙනවා.

අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින්   ඊයේ (28) දිනයේ දී නිකුත් කළ මෙම නිවේදනය අද (29) විවිධ අංශ වෙත ලබා දී තිබෙන බවයි සඳහන් වන්නේ.

එම නිවේදනයට අනුව 1982 සිට වසර 42ක කාලයක් රාජ්‍ය සංස්ථාවක් ලෙස පවත්වා ගෙන ආ ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාව මේ වන විට වෙනත් සාධක හේතුවෙන් ලාභ ලබන ආයතනයක් ලෙස පවත්වා ගැනීමේ අභියෝගයට මුහුණ දී තිබෙනවා.

වසර 10ක් හෝ ඊට වඩා වැඩි කාලයක් සේවය කළ සේවකයන් සහ වසර 10ට වඩා අඩු කාලයක් සේවය කළ සේවකයන් ලෙස ඉවත් වන්නන් සඳහා පදනම් දෙකක් මෙම නිවේදනයේ  ඉදිරිපත් කර තිබෙන බවයි සඳහන් වන්නේ.

ස්වේච්ඡාවෙන් සේවයෙන් ඉවත්ව යන සේවකයන් වෙනුවෙන් වන්දිය ලෙස යෝජනා කර ඇත්තේ අවම රු. දෙලක්ෂ පනස් දහසක් සහ උපරිම රු. ලක්ෂ 25ක් ලෙසයි. එහෙත් ඒ සඳහා ප්‍රාථමික ශ්‍රේණි, ද්විතක ශ්‍රේණි සහ මාණ්ඩලික ශ්‍රේණි ලෙස වෙන් වෙන්ව සලකා බලෙන අතර සේවා කළ කාලය සහ සේවය කිරීමට ඇති කාලයද සලකා බලෙන බවයි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පවසා ඇත්තේ.

යෝජනා ක්‍රමය සඳහා  හිමිකම් ඇත්තේ වයස අවුරුදු 50ට අඩු සේවකයන්ට පමණක් වන අතර වන්දි ගණනය කිරීමේදී අවුරුදු 55  වෛකල්පිත විශ්‍රාම වයස ලෙස ගණන් ගැනෙනවා.   

මේ පිළිබඳව දහස් දැක්වූ ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාවේ වෘත්තීය සමිති නියෝජිතයෙකු පැවසුවේ රාජ්‍ය ආයතන පාඩු ලැබීමට සලස්වා වසා දැමීමේ ආණ්ඩුවේ උවමනාව මත ජාතික රුපවාහිනිය විකුණා දැමීමේ පළමු පියවර ලෙස මෙම විශ්‍රාම ගැන්වීම හඳුන්වා දී ඇති බවයි.

“ මේ කරන්න හදන්නේ සංස්ථාව විකුණලා දාන එක. VRS එකක් ගෙනල්ලා මෙහෙම බෙදන්න සල්ලි තියෙනවනම් කරන්න තියෙන්නේ ඒ මුදල් ආයෝජනය කරලා සංස්ථාව ගොඩ ගන්න එක. අපි සේවකයන් විදිහටත් වෘත්තීය සමිති විදිහටත් වාර ගණනාවක් පෙන්නලා දුන්නා සංස්ථාව කොහොමද ලාභ ලබන ආයතනයක් කරන්නේ කියන එක. හැබැයි අමාත්‍යාංශයයි ආයතයේ පාලන අධිකාරියයි ඒවා ගානකට ගන්නේ නැහැ.

ආණ්ඩුව ආයතන දෙසිය ගණනක් පාඩු ලබනවා කියලා විකුණන්න හදන්නේ. අපිට පෙන විදිහට රූපවාහිනී සංස්ථාවත් ඒ ගොඩට දාන්න හදන්නේ. වික්කමසිංහ ආණ්ඩුවට මේ හැර වෙන පාරක් පේන්නෙම නැහැ” යි ඔහු පවසනවා.   

RECENT ARTICLES - SINHALA

මැයි දිනය වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

ලෝක කම්කරු දිනය නිමිත්තෙන් සංවිධාන කෙරෙන මැයි දින පෙළපාලි, රැස්වීම් හා සැමරුම් උත්සව වෙනුවෙන් ආරක්ෂාව, රථ වාහන පාලනය හා මාර්ග ආරක්ෂාව සැලසීම සහ සාමාන්‍ය...

මිලියන 77 වංචාවේ සැකකරුවන් රිමාන්ඩ්

සබරගමු පළාතේ මාර්ග සහ ක්‍රිඩාංගණ ඇතුළු ව්‍යාපෘති 77කට අදාළව අසත්‍ය මිනුම් පත්‍ර සකසා රුපියල් මිලියන 77ක වංචාව සිදුකිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට...

මැතිවරණ නීති උල්ලංඝනය කළ වාහන 32ක් අත්අඩංගුවට

මෙවර පැවැත්වෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මේ වනවිට මැතිවරණ අපේක්ෂකයින් 33 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය සඳහන් කර...

POPULAR ARTICLES