30 C
Colombo
Wednesday, January 15, 2025

ONMAX DT අධ්‍යක්ෂකවරුන් හයදෙනෙකුට විදෙස් ගමන් තහනමක්

- Advertisement -

අමෙරිකානු ඩොලර් කෝටි 10ක පිරමීඩාකාර මූල්‍ය වංචාවක් සිදුකළ බව කියන පුද්ගලික(ONMAX DT) ආයතනයේ අධ්‍යක්ෂකවරුන් හයදෙනෙකුගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස කොලඹ මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (28)නියෝග කර තිබෙනවා.

මෙලෙස විදේශ ගමන් තහනම් කෙරුණේ සම්පත් සඳරුවන්,අතුල ඉන්දික සම්පත් ,ගයාශාන් අබේරත්න,මධුරංග ප්‍රසන්න,සාරංග රන්දික සහ ධනංජය  ජයාන් යන අය වෙතයි.

මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කළේ අධිකරණය විසින් ගත් මෙම තීරණය ආගමන විගමන පාලක ජනරාල්වරයා වෙත දන්වන ලෙසත් සැකකාර අධ්‍යක්ෂකවරුන්ගේ සහ බැංකු ගිණුම් 57 ද අත්හිටුවන ලෙස නියෝග කර තිබෙනවා

ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂකවරයාගේ පැමිණිල්ලක් අනුව මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය බී වාර්තාවක් ඉදිරිපත් කරමින්
අධිකරණයට ඉදිරිපත් කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේ.

RECENT ARTICLES - SINHALA

අද ඩොලරය

පසුගිය සතියට සමගාමීව අද (15) වාණිජ බැංකුවල, ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ඩොලරය ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ ඩොලරයේ ගැණුම් මිල සටහන් වූයේ රුපියල් 290.74ක්...

බාල බෙහෙත් 300 ක් ගැන CIDය පරීක්ෂණයක් ඉල්ලයි

මෙරට සෞඛ්‍ය පද්ධතියේ පාවිච්චි කළ ගුණාත්මකභාවයෙන් අඩු බවට තහවුරු ඖෂධ කාණ්ඩ හා ශල්‍ය උපකරණ 300කට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධව පූර්ණ විමර්ශනයක් කරන ලෙස අපරාධ පරීක්ෂණ...

Breaking: වෙලේ සුදාට බරපතළ වැඩ සහිත සිරදඬුවම්

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන ගම්පොළ විධානලාගේ සමන්ත කුමාර හෙවත් වෙලේසුදාට, ඔහුගේ බිරිඳ සහ තවත් කාන්තාවකට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර අට බැගින්...

POPULAR ARTICLES