මෙරට ජාතික සම්පත් විකුණන අවස්ථාවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු නායකයන් නිහඬව සිටීම වැරදි බව පොදුජන සේවක සංගමයේ ඛනිජ තෙල් ශාඛාවේ සභාපති බන්දුල සමන් කුමාර මහතා පවසනවා.
ඔහු කියා සිටින්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්තිය ජාතික සම්පත් විකිණීම නොවන බවයි.
අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ අත්තනෝමතික වැඩකටයුතු හමුවේ බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු නායකයන් නිහඬව නොසිටිය යුතු බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.
වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒමට කැපවූ පාර්ශවයක් ලෙස තෙල් සංස්ථාව රැක ගැනීම වෙනුවෙන් සිදුකරන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දේශපාලන පක්ෂ පාට භේදයෙන් තොරව ක්‍රියාත්මක කරන බවද ඔහු සඳහන් කළා.
තවද මෙම වෘත්තීය ක්‍රියාමාර්ග සමාගම් වල ගිණුම් තර කිරීම වැළැක්වීම එකම අරමුණින් සිදු කරන්නක් මිස ආණ්ඩුව ගෙදර යැවීමේ කුමන්ත්‍රණයක් මෙහි නැති බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.