25.7 C
Colombo
Sunday, November 24, 2024

ඩොලර් බිලියනයක මූල්‍ය වංචාකට චීනෙක් කොටුවෙයි

- Advertisement -

පිටුවහල් කරන ලද චීන ව්‍යාපාරිකයෙකු වන Guo Wengui අන්තර්ජාලය ඔස්සේ ඩොලර් බිලියනයක් වංචා කිරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව මත එක්සත් ජනපදයේ නිව්යෝර්ක් හිදී අත්අඩංගුවට ගත් බව එරට අධිකරණ දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

Guo Wengui සහ තවත් පුද්ගලයෙක්, විවිධ ආයතනවල සහ වැඩසටහන්වල ආයෝජන සඳහා ඉහළ මූල්‍ය ප්‍රතිලාභ සහ වෙනත් ප්‍රතිලාභ ලබා දෙන බව පවසා මෙම වංචාව සිචු කර තිබේ.

වංචා කරන ලද මුදල් යොදා ගනිමින් සැකකරු සහ ඔහුගේ සමීප ඥාතීන් වර්ග අඩි 50,000 ක මන්දිරයක් මිලදී ගැනීම, ඩොලර් මිලියන 3.5 ෆෙරාරි රථයක් වැනි දේ මිලට ගෙන ඇතැයි අධිකරණයේදී අනාවරණය වී ඇත.

ඇමරිකානු ඩොලර් මිලියන 37 ක සුඛෝපභෝගී යාත්‍රාවක් සඳහා ද මෙම මුදල් යොදාවා ඇතැයි හෙළිව තිබේ.

Miles Kwok ලෙසද හැඳින්වූ Guo යනු පිටුවහල් කරන ලද චීන ව්‍යාපාරිකයෙකි. ඔහු 2015 හෝ ඊට ආසන්න කාලයේ සිට එක්සත් ජනපදයේ පදිංචිව සිටී.

2018 දී හෝ ඊට ආසන්න කාලයකදී, ඔහු නීති පදනම සහ නීති රීති සමාජය ලෙස ලාභ නොලබන සංවිධාන දෙකක් ආරම්භ කර තිබේ.

RECENT ARTICLES - SINHALA

සෞඛ්‍ය ඇමති මහනුවර ගියේ නැහැ – සෞඛ්‍ය අමාත්‍යාංශය

අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මහනුවර රජයේ රෝහලක නිරීක්ෂණ චාරිකාවක නීරත වෙමින් එහි  පරික්ෂා කිරීම් සිදු කර අඩුපාඩු පෙන්වා දුන් බවට සමාජ මාධ්‍ය ඔස්සේ...

වාහන ආනයනය ගැන IMF වෙතින් ප්‍රකාශයක්

වාහන ආනයන සීමා ඉවත් කිරීම මඟින් රාජ්‍ය ආදායම් ඉහළ නැංවීමේ අවස්ථාවක් උදා වූවත් එය රටේ සංචිත පිළිබඳව අවධානය යොමුකර පරික්ෂාකාරීව  කළමනාකරණය කළ යුතු බව...

කාලගුණයෙන් රතු නිවේදනයක්

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව මේ වනවිට අඩුපීඩන කලාපයක් නිර්මාණය වී ඇති  බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තුමේන්තුව සඳහන් කළේ එය තවදුරටත් බටහිරට බරව...

POPULAR ARTICLES