25.7 C
Colombo
Sunday, November 24, 2024

චමුදිතට මිලියන 500 ක අපහාස නඩුවක් දානවා – කමල් ගුණරත්න

- Advertisement -

සමාජ මාධ්‍ය හරහා අපහාස කිරීමේ චෝදනා මත මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම ඇතුළු තිදෙනෙකුට එරෙහිව රුපියල් මිලියන 500 බැගින් වන්දි ඉල්ලා නඩු පවරන බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා පවසනවා.

ආරක්ෂක ලේකම්වරයා පවසන්නේ පසුගිය කාලයේ ඔහු ඉලක්ක කර ගනිමින් අපහාසාත්මක ප්‍රකාශ සිදු කරමින් ඔහුගේ කීර්තිනාමයට හා ප්‍රතිරූපයට හානි කිරීම සම්බන්ධයෙන් අදාළ නඩුව පවසන බවයි.

කමල් ගුණරත්න මහතා මෙලෙස නඩු පවරන බව සදහන් කරන්නේ ‘Truth with Chamuditha’ යූ ටියුබ් නාලිකාව හරහා ආරක්ෂක ලේකම්වරයා ඉලක්ක කර ගනිමින් විවිධ අපහාසාත්මක ප්‍රකාශ සිදුකළ බව කියන අසේල ධර්මසිරි නැමැති පුද්ගලයෙක්ට හා ‘Truth with Chamuditha’ යූ ටියුබ් නාලිකාවේ හිමිකරු වන මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාටයි.

මීට අමතරව ravanalankanews නැමැති වෙබ් අඩවිය පවත්වාගෙන යන G.P. නිශ්ශංක නැමැත්තාට එරෙහිවද මිලියන 500 ක වන්දා ඉල්ලා නඩු පවරන බව ආරක්ෂක ලේකම්වරයා සදහන් කරනවා.

ඒ අදාළ වෙබ් අඩවිය හරහා තමන් පිළිබදව ප්‍රසිද්ධ කර තිබූ කරුණු හේතුවෙන් තමා අපකීර්තියට පත් වූ බව පවසමින්.


RECENT ARTICLES - SINHALA

සෞඛ්‍ය ඇමති මහනුවර ගියේ නැහැ – සෞඛ්‍ය අමාත්‍යාංශය

අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මහනුවර රජයේ රෝහලක නිරීක්ෂණ චාරිකාවක නීරත වෙමින් එහි  පරික්ෂා කිරීම් සිදු කර අඩුපාඩු පෙන්වා දුන් බවට සමාජ මාධ්‍ය ඔස්සේ...

වාහන ආනයනය ගැන IMF වෙතින් ප්‍රකාශයක්

වාහන ආනයන සීමා ඉවත් කිරීම මඟින් රාජ්‍ය ආදායම් ඉහළ නැංවීමේ අවස්ථාවක් උදා වූවත් එය රටේ සංචිත පිළිබඳව අවධානය යොමුකර පරික්ෂාකාරීව  කළමනාකරණය කළ යුතු බව...

කාලගුණයෙන් රතු නිවේදනයක්

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව මේ වනවිට අඩුපීඩන කලාපයක් නිර්මාණය වී ඇති  බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තුමේන්තුව සඳහන් කළේ එය තවදුරටත් බටහිරට බරව...

POPULAR ARTICLES