25.7 C
Colombo
Sunday, November 24, 2024

සමගි ජනබලවේගයෙන් නව සංධානයක්. පොදු අපේක්ෂකයා සජිත්

- Advertisement -

ඉදිරි ජාතික මැතිවරණයට තරග කිරීම සඳහා සමගි ජන බලවේගය නව සන්ධානයක් පිහිටුවීමට මේ වන විට සංවාදයක නිරතව සිටින බවට වාර්තා වනවා.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය සහ එහි නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම සන්ධානයට මිත්‍ර පාක්ෂිකයින් ලෙස එක්වීම සාදරයෙන් පිළිගන්නා බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පවසනවා.

“නව සන්ධානය සමගි ජනබලවේගය පක්ෂය ප්‍රමුඛ සන්ධානයක් වන අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහ එක්සත් ජාතික පක්ෂයට මෙම සන්ධානයට එක්විය හැකියි. එක්සත් ජාතික පක්ෂයට සුළුතර පක්ෂයක් ලෙස සමගි ජනබලවේගය ප්‍රමුඛ සන්ධානයට එක්විය හැකියි” යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සදහන් කළා.

එමෙන්ම ඔහු පවසන්නේ එක්සත් ජාතික පක්ෂය ඡන්ද පදනමක් නැති නිසා එය සුළු ජාතික පක්ෂයක් පමණක් බවයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම නව මහා සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා වන අතර ඔහුව විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙසද කෙනෙකුට හැඳින්විය හැකි බව නලීන් බණ්ඩාර මහතා වැඩිදුරටත් පවසනවා.

RECENT ARTICLES - SINHALA

සෞඛ්‍ය ඇමති මහනුවර ගියේ නැහැ – සෞඛ්‍ය අමාත්‍යාංශය

අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මහනුවර රජයේ රෝහලක නිරීක්ෂණ චාරිකාවක නීරත වෙමින් එහි  පරික්ෂා කිරීම් සිදු කර අඩුපාඩු පෙන්වා දුන් බවට සමාජ මාධ්‍ය ඔස්සේ...

වාහන ආනයනය ගැන IMF වෙතින් ප්‍රකාශයක්

වාහන ආනයන සීමා ඉවත් කිරීම මඟින් රාජ්‍ය ආදායම් ඉහළ නැංවීමේ අවස්ථාවක් උදා වූවත් එය රටේ සංචිත පිළිබඳව අවධානය යොමුකර පරික්ෂාකාරීව  කළමනාකරණය කළ යුතු බව...

කාලගුණයෙන් රතු නිවේදනයක්

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව මේ වනවිට අඩුපීඩන කලාපයක් නිර්මාණය වී ඇති  බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තුමේන්තුව සඳහන් කළේ එය තවදුරටත් බටහිරට බරව...

POPULAR ARTICLES