24.6 C
Colombo
Tuesday, January 7, 2025

ජාතික ඉෆ්තාර් සැමරුම අරලියගහ මැදුරේදී

- Advertisement -

ඉස්ලාම් බැතිමතුන්ගේ රාමසාන් උපවාස මාසය නිමිත්තෙන් පවත්වනු ලබන ජාතික ඉෆ්තාර් උත්සවය ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) පස්වරුවේ අරලියගහ මැදුරේදී පැවැත්වුණා.

මෙම අවස්ථාවේදී දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ ජාතික සමගිය ඇති කිරීම වෙනුවෙන් ඉස්ලාම් බැතිමතුන් පසුගිය දශක ගණනාවක සිට දායකත්වය ලබා දී ඇති බවයි.

ආනාගතයේද සමෘද්ධිමත් ලංකාවක් ගොඩනැගීම සඳහා තම දායකත්වය ලබා දෙන මෙන් එහිදී අග්‍රාමාත්‍යවරයා ඉස්ලාම් ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

මෙහිදී අග්‍රාමාත්‍යවරයා පෙන්වාදී තිබෙන්නේ රාමසාන් කාලය ඉස්ලාම් ජනතාවගේ ආධ්‍යාත්මික ශක්තිය සහ සහජීවනය වර්ධනය කිරීමට ඉවහල් වන බවයි.

ආගමික දේශණයන් පැවැත්වීමට පැමිණතිබූ මව්ලවිතුමන්ලාට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතින් ත්‍යාග ප්‍රධානයක්ද සිදුව තිබෙන අතර එම අවස්ථාවට පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් සහ රාජ්‍යතාන්ත්‍රිකයින් ද සහභාගී වු බවට වාර්තා වනවා.

RECENT ARTICLES - SINHALA

චීන අලුත් වෛරසයට බය වෙන්න එපා

චීනයේ මේ දිනවල ව්‍යාප්ත වෙමින් පවතින එච්.එම්.පී.වී වෛරසය මෙරට තුළ ද ඇතැම් අවස්ථාවල හදුනාගත් වෛරස් රෝගී තත්ත්වයක් බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසනවා වෛරස් රෝග විශේෂඥ...

2025 පළමු පාර්ලිමේන්තු සභාවාරය අද

නව වසරේ පළමුවරට පාර්ලිමේන්තුව අද (07) රැස්වීමට නියමිතව තිබෙනවා. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි. පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේ 2024...

උතුරුමැද පළාතේ ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිදුවිම විමර්ශනයට

තාවකාලිකව අත්හිටවූ උතුරුමැද පළාතේ 11 වන ශ්‍රේණියේ පිට වූ බව පැවසෙන විෂයන්වලට අදාළ වාර පරීක්ෂණ දින 10ක් ඇතුළත පවත්වන බව උතුරු මැද පළාත් අධ්‍යාපන...

POPULAR ARTICLES

චීන අලුත් වෛරසයට බය වෙන්න එපා

චීනයේ මේ දිනවල ව්‍යාප්ත වෙමින් පවතින එච්.එම්.පී.වී වෛරසය මෙරට තුළ ද ඇතැම් අවස්ථාවල හදුනාගත් වෛරස් රෝගී තත්ත්වයක් බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසනවා වෛරස් රෝග විශේෂඥ...

2025 පළමු පාර්ලිමේන්තු සභාවාරය අද

නව වසරේ පළමුවරට පාර්ලිමේන්තුව අද (07) රැස්වීමට නියමිතව තිබෙනවා. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි. පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේ 2024...

නේපාල දේශසීමාව ආසන්නයේ භූමිකම්පාවක්

නේපාල දේශසීමාව ආසන්නයේ පිහිටි ටිබෙටයට රික්ටර් මාපකයේ ඒකක 7.1 ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක් හටගෙන තිබෙනවා. ඉන්දියානු සහ යුරේසියානු භූතැටි එකිනෙක ගැටී භූකම්පනය සිදුව ඇතැයි...