25.7 C
Colombo
Sunday, November 24, 2024

විමල්ගේ පොතේ තියෙන්නේ බොරු – ඇමරිකානු තානාපතිනිය

- Advertisement -

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ කෘතියේ අඩංගු කරුණු පදනම් විරහිත හා ප්‍රබන්ධ ඒවා බව මෙරට ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මහත්මිය චෝදනා කරනවා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඇය පෙන්වා දෙන්නේ නවය:සැඟවුණු කතා ලෙස පලකර ඇති මෙම කෘතිය මගින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පදනම් විරහිත චෝදනා එල්ල කර අමූලික බොරු පතුරුවා හැරීම ගැන තමන් කළකිරීමට පත්වන බවයි.

එම පොත හරහා වීරවංශ මන්ත්‍රීවරයා හෙළිකර තිබුනේ මැයි නවය සිද්ධියෙන් පසු අන්තර්වාර පාලනයක් නිර්මාණය කිරීමට ඇමරිකා තානාපතිතුමිය මැදිහත් වූ බවත් කථානායක මහින්ද යාපා අබේවර්ධනට රට බාරගන්නා ලෙස ආරාධනා කළ බවත්ය.

මේ චෝදනාවලට පිළිතුරු දෙමින් තානාපතිවරිය පවසන්නේ වසර 75 ක් තිස්සේ ඇමරිකා එක්සත් ජනපදය, ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය, ස්වෛරීභාවය සහ සමෘද්ධිය සඳහා එක්ව ක්‍රියා කල බවත් එම වැඩපිළිවෙල ඉදිරියටත් දියත් කරන බවයි.

RECENT ARTICLES - SINHALA

සෞඛ්‍ය ඇමති මහනුවර ගියේ නැහැ – සෞඛ්‍ය අමාත්‍යාංශය

අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මහනුවර රජයේ රෝහලක නිරීක්ෂණ චාරිකාවක නීරත වෙමින් එහි  පරික්ෂා කිරීම් සිදු කර අඩුපාඩු පෙන්වා දුන් බවට සමාජ මාධ්‍ය ඔස්සේ...

වාහන ආනයනය ගැන IMF වෙතින් ප්‍රකාශයක්

වාහන ආනයන සීමා ඉවත් කිරීම මඟින් රාජ්‍ය ආදායම් ඉහළ නැංවීමේ අවස්ථාවක් උදා වූවත් එය රටේ සංචිත පිළිබඳව අවධානය යොමුකර පරික්ෂාකාරීව  කළමනාකරණය කළ යුතු බව...

කාලගුණයෙන් රතු නිවේදනයක්

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව මේ වනවිට අඩුපීඩන කලාපයක් නිර්මාණය වී ඇති  බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තුමේන්තුව සඳහන් කළේ එය තවදුරටත් බටහිරට බරව...

POPULAR ARTICLES