පාස්කු ඉරිදා ප්රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේනට එරෙහිව අපරාධ නඩු පැවරීමට නිර්දේශ කර ඇති බව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවේ දැක්වේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමා වෙත වාර්තාව යැවීමෙන් අනතුරුව කොමිෂන් වාර්තාව කතානායකවරයා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
ඒ අනුව කොමිසමට ලැබුණු සාක්ෂි මත පදනම්ව හිටපු ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතාට එරෙහිව අපරාධ නඩු පැවරීමට කොමිෂන් සභාව නිර්දේශ කර ඇත.
දණ්ඩ නීති සංග්රහයේ අදාළ විධිවිධාන යටතේ හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාට එරෙහිව අපරාධ නඩු පැවරීම පිළිබඳව නීතිපතිවරයා සලකා බැලිය යුතු බව අදාල නිර්දේශවල දැක්වේ.
ශ්රී ලංකාවේ හිටපු ජනාධිපතිවරයෙකුට එරෙහිව අපරාධ ක්රියාමාර්ගයක් ගැනීමට කොමිසමක් නිර්දේශ කළ පළමු අවස්ථාව මෙය වනවා.