28.1 C
Colombo
Monday, October 7, 2024

තරුණයෙක් සමඟ හෝටලයට ආ 16 හැවිරිදි දැරියෙකගේ නිරුවත් සිරුරක් සොයා ගැනේ

- Advertisement -

ගාලු පාර කළුතර ප්‍රදේශයේ හෝටලයක තරුණයෙකු සමඟ පැමිණි 16 හැවිරිදි දැරියකගේ නිරුවත් මළ සිරුර හෝටලය පිටුපස දුම්රිය මාර්ගයේ වැටී තිබියදී සොයාගෙන තිබෙනවා.

කළුතර දකුණ පොලීසිය කියා සිටියේ මෙලෙස අභිරහස් ලෙස මියගොස් ඇත්තේ කළුතර නාගොඩ ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි දැරියෙකි.

මියගිය දැරියගේ තවත් කාන්තාවන් හා පිරිමි පුද්ගලයන් දෙදෙනෙක් සමඟ ඊයේ (06) සවස පස්මහල් හෝටලයට පැමිණ කාමර දෙකක් කුලියට ඉල්ලා ඇති බවයි මුලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

ඒ අනුව හෝටලය විසින් තෙවන මහලේ කාමර දෙකක් කුලියට ලබාදී තිබෙනවා.

පොලීසිය කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට දැරිය සමග හෝටලයට පැමිණි බව කියන කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති අතර දැරිය සමග කාමරයේ රැඳී සිටි බව කියන තරුණයා පලාගොස් ඇති බවයි.

16 හැවිරිදි දැරිය සමඟ සිටි තරුණයා සොයා පුළුල් පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර කළුතර දකුණ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

පන්දුවක් රැකීමට ගොස් මියගිය සිසුවාගේ අවසන් කටයුතු අද

උඩ පන්දුවක් රැකිමට ගොස් මියගිය පාසල් සිසුවාගේ අවසන් කටයුතු අද තලවකැලේ ග්‍රේට් වෙස්ටර්න් වතුයායේදි සිදු කරන බව ඥාතින් පවසනවා. නුවරඑළිය කොටගල කෙම්බ්‍රිජ් දමිල විද්‍යාලයේ විවේක...

ශිෂ්‍යත්ව ප්‍රශ්න පිටකළ දෙදෙනාට අධිකරණයෙන් නියෝගයක්

මෙවර පැවැති ශිෂ්‍යත්ව විභාගයේ තිබූ ප්‍රශ්න කිහිපයක් විභාගයට පෙර පිටකළ බව කියන මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයා සහ පාසල් ගුරුවරයා එළඹෙන 22 දින දක්වා...

ලෝක බැංකුවෙන් ලංකාවට අමතර ඩොලර් මිලියන 200ක්

මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණ වෙනුවෙන්, ලෝක බැංකුව සමඟ අමතර ඩොලර් මිලියන 200 ක ගිවිසුමකට අද (07) අත්සන් තබා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. ජනාධිපති අනුර...

POPULAR ARTICLES

හර්ෂ ද සිල්වාට පක්ෂයෙන් සුපිරි කැපිල්ලක්

0
සමගි ජනබලවේගය පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතාට මේ වන විට පක්ෂ නායකත්වයෙන් කෙනෙහිලිකම් රැසක් සිදුවන බවට News19 වෙත තොරතුරු වාර්තා වනවා. මීට...

වාහන ආනයනය ගැන දැනුම් දීමක්

පොදු ප්‍රවාහන සේවා සඳහා බස් රථ ඇතුළු වාහන ගෙන්වීම ආරම්භ කර තිබෙනවා. ඔක්තොම්බර් මස පළමුවනදා සිට මෙම වාහන ගෙන්වීම ආරම්භ කර තිබුණා. මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේ,...

නව සන්ධානයේ නායකයා මෙන්න

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව සන්ධානයේ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරනු ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා පවසනවා. මේ වනවිට විපක්ෂයේ...