තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් අද (07) රාත්‍රී 8.30 දක්වා වලංගු වන පරිදි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනයේ දැක්වෙන්නේ ශ්‍රී ලංකාව ආශ්‍රිතව වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින පුරා බොහෝ ස්ථානවල පවතින වැසි බර තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බවයි.
ඒ අනුව බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 75ට වැඩි තරමක තද වැසි ඇති හැකි බවද අදාළ නිවේදනයේ සඳහන් වනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ අනෙක් ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මීලිමිටර් 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි.