27.6 C
Colombo
Saturday, November 23, 2024

නුවරඑලිය මහ රෝහලෙන් අක්ෂි සැත්කම් කල දස දෙනෙකුගේ ඇස් පෙනිමේ දුර්වල වෙයි

- Advertisement -

නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අක්ෂි ශල්‍යකර්මවලට භාජනය වූ රෝගීන් කිහිපදෙනෙක්ට පෙනීම අහිමි වීම සම්බන්ධව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

රෝහල් ආරංචි මාර්ග පවසන්නේ අදාළ ශල්‍යකර්ම සිදුකිරීමෙන් පසු තමන්ට ඇස් නොපෙනීම හේතුවෙන් රෝගීන් කිහිපදෙනෙක් මේ වන විට යළි රෝහලට ඇතුළත් වී ඇති බවයි.

මෙලෙස නුවරඑළිය මහ රෝහලේ අක්ෂි ශල්‍යකර්මවලින් අනතුරුව පෙනීම අහිමිවී ගිය තවත් රෝගීන් 10 දෙනෙක් පමණ ප්‍රතිකාර ගන්නා බවයි වාර්තා වන්නේ.

පසුගියදා ජාතික අක්ෂි රෝහලේ ඖෂධයක් භාවිත කිරීමෙන් පසු ඇතිවූ සංකූලතා හේතුවෙන් තාවකාලිකව එම රෝහලේ ශල්‍යකර්ම සිදු කිරීම නතර කෙරුණා.

මෙම සංකුලතා මතුව ඇත්තේ ඉන්දියාවෙන් ආනයනය කරන ලද ප්‍රෙඩ්නිසිලෝන් ඖෂධය භාවිත කිරීමෙන් පසුවයි.

මේ වන විට එම ඖෂධ සාම්පල, ජාතික ඖෂධ නියාමන අධිකාරියට යොමු කර ඇති අතර ගැටළු කාරී තත්ත්වයට පත්ව ඇති ඖෂධ කණ්ඩය රෝහල්වලින් ඉවත් කර ඇති බවද වාර්තා වනවා.

RECENT ARTICLES - SINHALA

වේයන්ගොඩ නිධානය සොයා කළ කැණීම් අවසන්

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා දින 3ක් සිදුකළ කැණීම් කටයුතු අද පස්වරු 4ට අවසන්...

තවත් ජාතික ලැයිස්තුවේ නමක් ගැසට් කරයි

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා මුහම්මදු සාලි නලීම් නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම...

උසස් පෙළ විභාග මධ්‍යස්ථාන තුළ දුරකතන භාවිතය ගැන දැනුම්දීමක්

අනිද්දා සිට ආරම්භ වන උසස් පෙළ විභාගයේ දී විභාග මධ්‍යස්ථාන තුළ ජංගම දුරකතන භාවිතය සදහා අවසර හිමිවන්නේ විභාග ශාලාධිපතිවරුන්ට පමණක් බව විභාග කොමසාරිස් ජනරාල්...

POPULAR ARTICLES