30 C
Colombo
Sunday, September 8, 2024

වෙසක් උත්සවයට නොදෙවනි ලෙස පොසොන් උත්සවය පවත්වන්න-ජනාධිපති

- Advertisement -

පොසොන් උත්සවය ද ඉතා උත්කර්ෂවත් ලෙස පැවැත්වීම සඳහා අවශ්‍ය සියලූ විධිවිධාන සලසන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුරාධපුර සහ පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

රටපුරා පොසොන් උත්සව කටයුතු සම්බන්ධයෙන් සොයා බලා එම පින්කම් සාර්ථක කර ගැනීමට ජනාධිපති කාර්යාලයේ සෘජු මැදිහත්වීම ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට ද උපදෙස් දී ඇ.ත්තේ.

අනුරාධපුර මිහින්තලා පුදබිම පාදක කරගනිමින් ප්‍රධාන පින්කම් සංවිධාන කරන අතර අනුරාධපුර සහ පොලොන්නරුව ඓතිහාසික සිද්ධස්ථාන කේන්ද්‍ර කරගනිමින් පවත්වන ප්‍රතිපත්ති සහ ආමිස පූජාවන් සඳහා රාජ්‍ය මැදිහත්වීම අවශ්‍ය වෙන්නේ කුමන අයුරින් දැයි සොයා බලා වාර්තා කරන ලෙසත් රාජ්‍ය මැදිහත්වීමෙන් වෙසක් උත්සවය සාර්ථක අයුරින් පැවැත්වූ අතර ඊට නොදෙවනි ලෙස පොසොන් උත්සවය ද පැවැත්විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

ශ්‍රී ලාංකික ශිෂ්ටාචාරයේ නව හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරමින් මහින්දාගමනය සිදු වූ පොසොන් පොහෝ දිනය බෞද්ධයන්ට මෙන්ම සමස්ත ශ්‍රී ලාංකික ජාතියට ම වැදගත් දිනයක් වන හෙයින් පොසොන් පොහොය උත්කර්ෂවත්ව සැමරිය යුතුම පුණ්‍යේත්සවයක් බව ජනාධිපතිවරයා නිලධාරීන්ට දුන් උපදෙස් වල සඳහන්.

RECENT ARTICLES - SINHALA

මහ බැංකුවෙන් සුබ ආරංචියක්

භාණ්ඩ අපනයනකරුවන්ට තම අපනයන ඉපැයීම් ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීම සඳහා දී තිබූ කාල සීමාව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලිහිල් කර තිබෙනවා. සාර්ව...

කවුරුත් එන්නැති ජනාධිපති විවාද

මාර්තු 12 ව්‍යාපාරය සංවිධානය කරන ජනාධිපති අපේක්ෂක විවාද මාලාවේ දෙවැනි අදියර අද (08) පැවැත්වෙනවා. ඒ, කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදීයි. පළමු දිනය වූ ඊයේ (07)...

රළු මුහුද ගැන අවවාදාත්මක නිවේදනයක් 

ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව...

POPULAR ARTICLES

Breaking :හදිසියේම අනුර ජාතිය අමතයි (වීඩියෝ)

අනුර කුමාර දිසානායක මහතා අද (05) ජාතිය අමතා විශේෂ ප්‍රකාශක් සිදු කළා. තීරණාත්මක මැතිවරණයක් සැප්තැම්බර් 21 පැවැත්වෙන බවත් එය රටටත් ජනතාවටත් ඉතා තීරණාත්මක බව...

අනුර ගැන රනිල්ගෙන් අනාවැකියක්

අනුර දිසානායකව පරාජය කිරීමේ හැකියාවක් සජිත් ප්‍රේමදාසට නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා. ඇතැම් අවස්ථාවල සජිත් ප්‍රේමදාස විසින් සිදුකරන ඇතැම් ක්‍රියා අනුර දිසානායකට...

ඡන්ද පත්‍රිකාවක ඡායාරූපයක් සමාජ මාධ්‍යට දැමූ දේශපාලනඥයෙකුට වැඩ වරදී

අන් අයකු සලකුණු කරන ලද තැපැල් ඡන්ද පත්‍රිකාවක ඡායාරූපයක් ගෙන එය සිය සමාජ මාධ්‍ය පිටුවක පළ කළ වවුනියාවේ ප්‍රාදේශීය දේශපාලනඥයකුට එරෙහිව වව්නියාව සහකාර මැතිවරණ...