26.3 C
Colombo
Thursday, March 27, 2025

නාමයෝජනා දුන් රාජ්‍ය සේවකයින්ට දැනුම්දීමක්

- Advertisement -

පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා ඉදිරිපත් කරන ලද රාජ්‍ය සේවකයින්ට අද (09) දිනයේ සිට යළි සේවයට වාර්තා කිරීමේ අවස්ථාව ලබාදී තිබෙනවා.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් රංජිත් අශෝක මහතා සඳහන් කළේ, තමන් සේවය කළ ස්ථානය තම ඡන්ද බල ප්‍රදේශය නම් එම ස්ථානයේ සේවය කළ නොහැකි බැවින් අද දිනයේ සේවයට වාර්තා කර තම ආයතන ප්‍රධානියා මගින් වෙනත් ඡන්ද බල ප්‍රදේශයකට ස්ථාන මාරුවක් ලබාගත යුතු බවයි.

එම සේවකයින්ට වැටුප් ලබාගැනීමට වෙනත් ඡන්ද බල ප්‍රදේශයකට ස්ථාන මාරුවක් ලබාගැනීම අනිවාර්ය බව ලේකම්වරයා සඳහන් කර සිටිනවා.

මේ අතර මෙම තත්ත්වය තුළ පළාත් පාලන මැතිවරණ වෙනුවෙන් ඉදිරිපත් වූ නාමයෝජනා අවලංගු වීමක් සිදුනොවන බවත් යළි මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කළ පසු නාමයෝජනා ඉදිරිපත් කර ඇති රාජ්‍ය සේවකයින් තාවකාලිකව සිය රැකියාවෙන් ඉවත් වී මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ විය යුතු බවත් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් රත්නායක මහතා සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

දුම්රිය මගී ගුවන් පාලමක් කඩාවැටිලා

එගොඩ උයන දුම්රිය ස්ථානයේ මගී ගුවන් පාළම අද (26) රාත්‍රියේ කඩාවැටී තිබෙනවා. මේ හේතුවෙන් මරදාන සිට ගාලු දෙසට ගමන් ගන්නා මාර්ගය මෙලෙස අවහිර වි තිබෙන...

දරුවන් ගැන අවධානෙන් ඉන්න;දිවි නසාගැනීමට පෙළඹීම් ඉහළට

මෙරට පාසල් සිසුන් අතරින් ඇතැම් දරුවන් දිවි නසාගැනීමට තදින් පෙළඹීමේ ප්‍රවණතාවක් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය අද (26) අනාවරණය කළා. වෛද්‍යවරු පවසන්නේ, මව්පියන් ජංගම දුරකථන සහ...

යහපත්ව රාජකාරි කළ පොලිස් නිළධාරීන් ඇගයේ

යහපත් රාජකාරී ඇගයීම සඳහා ත්‍යාග සහ පොලිස්පති ප්‍රශංසා ප්‍රදානය කිරීම අද (26) සිදුකෙරුණා. ඒ අපරාධ වාර්තා කොට්ඨාසයේ දී. ඒ අනුව අද දිනයේ 140 දෙනෙකු වෙනුවෙන් සංකේතාත්මකව...

POPULAR ARTICLES