26.1 C
Colombo
Thursday, December 12, 2024

නෙඩුන්තීව් හි මගී යාත්‍රාවක් අනතුරට

- Advertisement -

යාපනය නෙඩුන්තීව් දූපතේ සිට කූරිකඩ්ඩුවාන් ජැටිය දක්වා මගී යාත්‍රාවක් ඊයේ (23) දින මුහුදෙන් ගමන්කරමින් සිටියදී අනතුරට ලක්වීමෙන් පසුව නාවික හමුදාව සහ ප්‍රදේශයේ ධීවර යාත්‍රා මගින් අනතුරට පත් යාත්‍රාවේ මගීන් බේරාගෙන තිබෙනවා.

නෙඩුන්තීවු සිට සමුද්‍රෙද්වි නැමති මගී යාත්‍රාව ඊයේ දින කූරිකඩ්ඩුවාන් සඳහා පිටත්ව ගොස් තිබුණා.

අදාල මගී යාත්‍රාවේ සුක්කානම අතරමැද මුහුදු සීමාවේදී අක්‍රීය වී ධාවනය නැවතී ඇති අතර එහිදී මගීන් යාත්‍රාව ගිලීමට යන්නේ යැයි නොසන්සුන් වී තිබෙනවා.

පසුව අදල යාත්‍රාව මගින් අසල සිටි ධීවර යාත්‍රා වෙතට සන්නිවේදනය මගින් සම්බන්ධ කරගෙන ඒ පිළිබඳව නාවික හමුදාවට ද දැනුම් දී නාවික හමුදාවේ ද සහය ඇතිව අනතුරට පත් යාත්‍රාවේ සිටි 70 ක් පමණ මගීන් නැවත කූරිකඩ්ඩුවාන් ජැටියටම රැගෙන ඒමට කටයුතු කර තිබෙන බවට වාර්තා වෙනවා.

අදාල ගමනට විදෙස් ජාතිකයින්ද සහභාගී වී ඇති අතර අනතුරට පත් යාත්‍රාවේ අනතුරට හේතුව මෙතෙක් අනාවරනය වී නොමැති බවට සඳහන් වෙනවා.

RECENT ARTICLES - SINHALA

වන අලි පහර දීමකින් පුද්ගලයෙක් මරුට

ඉපලෝගම පොලිස් වසමේ, මහඉලුප්පලම උදේනිපුර ගම්මානයේදී ඊයේ (11) රාත්‍රියේ වන අලියකු සිදු කළ පහරදීමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මහඉලුපල්ලම උදේනිපුර පදිංචි එක්දරු...

වගා හානිවලට ලක්ෂයක වන්දි දෙන්න තීරණයක්

ආපදාවලට ලක්වූ ගොවීන්ට සිදු වූ වගා හානිය වෙනුවෙන් හෙක්ටයාරයක් සඳහා රුපියල් ලක්ෂයක පූර්ණ වන්දි මුදලක් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව කෘෂිකර්ම සහ පශු සම්පත්...

ඉන්දීය මහ කොමසාරිස් සහ බලශක්ති ඇමති අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා අතර පසුගියදා (10) බලශක්ති අමාත්‍යංශයේදී හමුවක් සිදුව තිබෙනවා. රජයේ බලශක්ති...

POPULAR ARTICLES

වන අලි පහර දීමකින් පුද්ගලයෙක් මරුට

ඉපලෝගම පොලිස් වසමේ, මහඉලුප්පලම උදේනිපුර ගම්මානයේදී ඊයේ (11) රාත්‍රියේ වන අලියකු සිදු කළ පහරදීමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මහඉලුපල්ලම උදේනිපුර පදිංචි එක්දරු...

වගා හානිවලට ලක්ෂයක වන්දි දෙන්න තීරණයක්

ආපදාවලට ලක්වූ ගොවීන්ට සිදු වූ වගා හානිය වෙනුවෙන් හෙක්ටයාරයක් සඳහා රුපියල් ලක්ෂයක පූර්ණ වන්දි මුදලක් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව කෘෂිකර්ම සහ පශු සම්පත්...

ලංකා T10 සුපර් ලීගයේ තරඟ පාවාදීමක්?

මහනුවර, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (11) ආරම්භ වූ ‘ලංකා ටී10 සුපර් ලීග්’ ක්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටින බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෙක්ට තරග මුදලට...