25 C
Colombo
Friday, January 10, 2025

වැඩි වුණු ඉන්ධන කෝටාව අද මැදියම් රැයේ සිට

- Advertisement -

ඉහළ දමන ලද ඉන්ධන කෝටාව අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා.

අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කළේ යතුරුපැදියකට සහ ත්‍රිරෝද රථයකට ලබාදෙන ඉන්ධන කෝටාව ලීටර 14 දක්වා ඉහළ දමා ඇති බවයි.

යතුරු පැදියක් සඳහා මීට පෙර සතියකට ලීටර් 7ක් සහ ත්‍රිරෝද රථයක් සඳහා ලීටර් 08ක් ලබාදී තිබුණා.

ඊට අමතරව ලියාපදිංචි ත්‍රිරෝද රථ සඳහා ලබාදී තිබූ ඉන්ධන කෝටාවද ලීටර් 15 සිට ලීටර් 22 දක්වා ද බස් රථ සඳහා ලබාදී තිබූ ඉන්ධන කෝටාව ලීටර් 125 දක්වා ඉහළ නැංවීමටද පියවර ගෙන ඇති බව සඳහන්.

බස් රථ සඳහා මීට පෙර ලීටර් 60ක ඉන්ධන කෝටාවක් ලබාදීමට රජය කටයුතු කළා.

මේ අතර මෝටර් රථ සඳහා ලබාදී තිබූ ඉන්ධන කෝටාවද ලීටර් 30 සිට 40 දක්වා ඉහළ දමා තිබෙනවා.

තවද ලොරි රථ සඳහා ලබාදී තිබූ ඉන්ධන කෝටාවද ලීටර් 75 සිට 125 දක්වා ඉහළ දැමීමටයි විදුලිබල සහ බලශක්ති අමාත්‍යාංශය පියවර ගෙන ඇත්තේ.

මීට අමතරව වෑන් රථ සඳහා ලබාදී තිබූ ඉන්ධන කෝටාව ලීටර් 30 සිට 40 දක්වා ලීටර් 10 කින් ද ඉහළ දමා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

අහුන්ගල්ලේ වෙඩිතැබීමට සැකකරන යතුරුපැදියක් සොයාගෙන

අහුන්ගල්ල බෝධිය අසලදී ඊයේ (09) පෙරවරුවේ සිදුවු වෙඩිතැබීමට යොදාගත් බවට සැකකරන යතුරුපැදියක් අහුන්ගල්ල පොලීසිය විසින් ඊයේ රාත්‍රියේ සොයාගෙන තිබෙනවා. අහුන්ගල්ල පොල්අතුකන්ද ප්‍රදේශයේ පිහිටි කුරුඳු ඉඩමක...

වරායේ නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් කඩිනමින්

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් කඩිනම් කිරීමට වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු මහතා සඳහන් කළේ, ඒ අනුව මේ...

ඖෂධ වර්ග 90 ක මිල අඩු කිරීමට සැලසුම්

ඖෂධ වර්ග 90ක මිල අඩු කිරීමට ඖෂධ නියාමන අධිකාරිය සැලසුම් කර තිබෙනවා. එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පවසා තිබුණේ, ඒ සඳහා ඖෂධ සමාගම් කිහිපයක් දිස්ත්‍රික් අධිකරණයේ ගොනු...

POPULAR ARTICLES