31 C
Colombo
Wednesday, January 15, 2025

චීන පොහොර නැවට සල්ලි ගෙවීම ගැන අල්ලස් කොමිසමෙන් නඩු

- Advertisement -

2020 සහ 2021 මහ කන්නය සඳහා ගොවි ජනතාවට අවශ්‍ය පොහොර සැපයීම සඳහා අහිතකර බැක්ටීරියා සහිතව චීනයෙන් ආනයනය කළ විෂ සහිත කාබනික පොහොර වෙනුවෙන් ගෙවූ රුපියල් කෝටි 138 සම්බන්ධයෙන් අල්ලස් හෝ දුෂණ කොමිසම ඉදිරි සති දෙක තුළදී කොළඹ මහාධිකරණයේ නඩු පැවරීමට නියමිතව තිබෙනවා.

මෙට්‍රික් ටොන් 96000ක පොහොර කිසිඳු පරීක්ෂාවකින් තොරව එම කාලයේ දී මෙරටට ගෙන එනු ලැබුවා.

මේ සම්බන්ධයෙන් විගණන පරීක්ෂණයකදී හෙළිව තිබුණේ අදාළ වගකිවයුත්තන්ට එරෙහිව නඩු පවරා මෙම මුදල අයකරගත යුතු බවයි.

මෙම පොහොර සඳහා ගෙවූ මුදල සම්බන්ධයෙන් අල්ලස් හෝ දුෂණ කොමිසමට පැමිණිලි ගණනාවක් ද ලැබී තිබුණා.

ඒවා ගැන කළ විමර්ශනයකින් පසු නඩු පැවරීමට අල්ලස් කොමිසම තීන්දු කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

RECENT ARTICLES - SINHALA

සිමෙන්ති මිල ගැන තීරණයක්

0
සිමෙන්ති සඳහා පවතින සෙස් බද්ද අඩු කිරීම සඳහා වූ යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි වී තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා...

ජනාධිපති අනුර ෂී ජින් පිං හමුවෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීන ජනාධිපති ෂී ජින් පිං මහතා හමුවී තිබෙනවා. එම නිල හමුව චීන මහජන ශාලාවේදී මීට කෙටි වේලාවකට පෙර එනම් එරට...

සුරාසැල් වැසෙන දින මෙන්න

2025 වසරේදී සුරාසැල් වසා තැබිය යුතු දිනයන් සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයේ දැක්වෙන්නේ, මේ වසරේ දින 18ක් සුරාසැල් වැසෙන...

POPULAR ARTICLES

සිමෙන්ති මිල ගැන තීරණයක්

0
සිමෙන්ති සඳහා පවතින සෙස් බද්ද අඩු කිරීම සඳහා වූ යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි වී තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා...

ජනාධිපති අනුර ෂී ජින් පිං හමුවෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීන ජනාධිපති ෂී ජින් පිං මහතා හමුවී තිබෙනවා. එම නිල හමුව චීන මහජන ශාලාවේදී මීට කෙටි වේලාවකට පෙර එනම් එරට...

උපකාරක අංකවලින් ජීවිත බේරා ගත හැකිද?

‘සිය දිවි තොර කර ගැනීම’ වටහා ගන්නේ කෙසේද? “මට හැම වෙලේම හිතුණේ මගේ ප්‍රශ්නයට ඇහුම් කන් දෙන්න කෙනෙක් නැහැ කියන එක වගේම මගේ දුක් ගැනවිලි...