25 C
Colombo
Monday, March 17, 2025

‘කළු ඉරිදා’ විරෝධය දුර දිග යන ළකුණු

- Advertisement -

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු සාධාරණයක් ඉෂ්ට නොවූ හෙයින් කතෝලික ජනතාව ‘කළු ඉරිදාවක්’ නම් කිරීම ඉතාමත් සාධාරණ ක්‍රියාවක් බවත් ඒ සඳහා මහ සංඝරත්නයේ සහයෝගය ද නිරතුරුව ම ලබාදෙන බවත් අස්ගිරි මහ විහාර පාර්ශ්වයේ ප්‍රධාන ලේඛකාධිකාරි පූජ්‍ය ආචාර්ය මැදගම ධම්මානන්ද නාහිමිපාණන් වහන්සේ අවධාරණය කරති.

මේ සම්බන්ධයෙන් අස්ගිරි මහ විහාරයේදී විශේෂ ප්‍රකාශයක් කරමින් උන්වහන්සේ කියා සිටියේ, මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම උදෙසා පත්කළ කොමිසමේ වාර්තාව කිසිසේත් ම සාධාරණ නොවන බවත් එය පිළිගැනීමට නොහැකි බවත් ය.

මෙහිදී තවදුරටත් අදහස් පළ කරමින් ලේඛකාධිකාරි නාහිමියෝ මෙසේ ද කී බව මව්බිම පුවත්පත වාර්තා කරනවා

“පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කිරීම සඳහා පත් කළ ජනාධිපති කොමිසම ඉදිරිපත් කළ වාර්තාව ඉතාම අසම්පූර්ණ හා ඉතාමත් අසාර්ථක එකක් ලෙස අපට පෙනී යනවා.

මෙම කොමිසම මගින් විමර්ශනය කළ යුතු කරුණු කාරණා පසෙකලා දිගින් දිගට ම සිදු වූ ත්‍රස්තවාදී හා අන්තවාදී ක්‍රියාවන් පිළිබඳව හෙළිකරමින් ඒ පිළිබඳව හඬ නැඟූ බෞද්ධ සංවිධානවලට වරද පටවා චෝදනා එල්ල කිරීම මහ සංඝරත්නය වශයෙන් අප තරයේ ප්‍රතික්ෂේප කරනවා. මෙම වාර්තාවෙන් මෙම ත්‍රස්තවාදී ප්‍රහාරය සැලසුම් කළ හෝ ක්‍රියාත්මක කළ අය හට කිසිදු හෝ බරපතළ චෝදනා එල්ල වෙන්නේ නෑ. මෙම ප්‍රහාරය සිදු කළ ඊට සම්බන්ධ පුද්ගලයන් කඩිනමින් සොයා බලා ඔවුනට නිසි දඬුවම් ලබාදෙන ලෙස අපි රජයෙන් තරයේ ඉල්ලා සිටිනවා.

පාස්කු ප්‍රහාරය නිසා දැඩි වින්දිතයන් බවට පත්වූයේ අපගේ සහෝදර කතෝලික ජනතාවයි. එම කතෝලික ජනතාවට මේ දක්වා කිසිදු සහනයක් ලබානොදීම හා ප්‍රහාරයන්ට සම්බන්ධ වූවන් හට දඬුවම් ලබානොදීමට එරෙහිව හා විරෝධය පා මීළඟ ඉරිදා දිනය ‘කළු ඉරිදාවක්’ වශයෙන් නම් කිරීම ඉතාමත් සාධාරණ ක්‍රියාවක් ලෙස මහ සංඝරත්නය දකිනවා. එම විරෝධතාව මහ සංඝරත්නය වශයෙන් අපි අනුමත කරනවා පමණක් නොව ඊට සහයෝගය ද ලබා දෙනවා.

මෙම වාර්තාවෙන් ත්‍රස්තවාදීන්, අන්තවාදීන් කවුද කියා හෙළි කිරීම පසෙකලා බෞද්ධ සිංහල ජනතාව අන්තවාදී කොට්ඨාසයක් වශයෙන් දක්වා තිබීම හේතුවෙන් ශ්‍රී ලාංකික බෞද්ධ සිංහල ජනතාව අන්තවාදීන් බවට ලෝකයට වැරැදි පණිවුඩයක් යන එක වළක්වන්න බෑ. මේ තත්ත්වය මහ සංඝරත්නය වශයෙන් තරයේ ප්‍රතික්ෂේප කරනවා. තරයේ හෙළා දකිනවා.”

“මෙම අමානුෂික ත්‍රස්ත ක්‍රියාව සිදුකළ පුද්ගලයන් හා ඊට වගකිවයුතු සියලු පුද්ගලයන් සහ ඊට සහාය දුන් සියලු පුද්ගලයන් සොයා බලා ඔවුන් හට නිසි දඬුවම් ලබාදෙන ලෙස අපි රජයෙන් මේ මොහොතේ තරයේ ඉල්ලා සිටිනවා,” යැයි ද නාහිමියෝ වැඩිදුරටත් සඳහන් කළහ.

RECENT ARTICLES - SINHALA

කෝච්චි ප්‍රමාදයක්

පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රියක් කාර්මික දෝෂයකට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති බව දෙපාර්තමේන්තුව පැවසුවා. කාර්මික දෝෂයට...

පුංචි ඡන්දයේ නාමයෝජනා භාරගැනීම අද සිට

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරගැනීම අද (17) ආරම්භ වනවා. මැතිවරණ කොමිසන් සභාව සඳහන් කළේ අද සිට ලබන 20 වැනිදා මධ්‍යහ්න 12 දක්වා...

නැංගුරම් ලා තිබූ බෝට්ටු 02ක් ගිනි අරන්

දික්වැල්ල, නිල්වැල්ල ධීවර වරායේ සිට මීටර් 200 ක් දුරින් නැංගුරම් ලා තිබූ බහුදින බෝට්ටු 02 ක් අද (17) අළුයම ගිනි ගෙන තිබෙනවා. මේ වන විට...

POPULAR ARTICLES

කෝච්චි ප්‍රමාදයක්

පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රියක් කාර්මික දෝෂයකට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති බව දෙපාර්තමේන්තුව පැවසුවා. කාර්මික දෝෂයට...

පුංචි ඡන්දයේ නාමයෝජනා භාරගැනීම අද සිට

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරගැනීම අද (17) ආරම්භ වනවා. මැතිවරණ කොමිසන් සභාව සඳහන් කළේ අද සිට ලබන 20 වැනිදා මධ්‍යහ්න 12 දක්වා...

Voice of America වසා දමන්න ට්‍රම්ප් අත්සන් කරලා

අමෙරිකාවේ පැරණිතම සහ විශාලතම ජාත්‍යන්තර මාධ්‍ය ආයතනය වන Voice of America මාධ්‍ය ජාලය වසා දැමීමේ විධායක නියෝගයට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබෙනවා. ඒ,...