26 C
Colombo
Tuesday, December 31, 2024

ඇහැලේපොල වලව්ව ගැන කැබිනට් මණ්ඩලය තීරණයක් ගනී

- Advertisement -

ඓතිහාසික ඇහැලේපොල වලව්ව මහනුවර ශ්‍රී දළදා මාලිගාව වෙත පවරාදීමට අදාළ කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් ඊට අදාළ කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මහනුවර රජ වීදියේ පිහිටි ඇහැළේපොළ වලව්ව ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ පාලන සමයේ දී ඇහැලේපොල මහ අධිකාරම් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් ජීවත්වූ නිවස ලෙසයි මෙය සැලකෙන්නේ.

කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙන්නේ මෙම ඓතිහාසික ඇහැලේපොළ වලව්ව තවදුරටත් රිමාන්ඩ් බන්ධනාගාරයක් ලෙසින් පවත්වාගෙන යෑම අපරාධයක් බවයි.

ක්‍රි.ව. 1844 බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ දී මෙය හමුදා බැරැක්කයක් ලෙස භාවිතයට යොදාගෙන තිබුණා.

පසුව කාලීනව සිර මැදිරියක් හෝ බෝගම්බර රිමාන්ඩ් බන්ධනාගාරයක් ලෙසද මෙම වලව්ව පවත්වාගෙන ද ගොස් තිබෙනවා.

මහනුවර ශ්‍රී දළදා මාළිගාව ආශ්‍රීත පූජාභූමි ප්‍රදේශයේ පිහිටා ඇති ‍‍ඓතිහාසික ඇහැලේපොල වලව්ව 2005 වසරේදී පුරා විද්‍යා ගොඩනැඟිල්ලක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ගල් කොරියෙන් කෝටි 4ක පාඩුවක්

රටේ බොහෝ ප්‍රදේශවල ගල් කොරි හිමියන්ගෙන් හිඟ මුදල් අය කර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් රජයට රුපියල් හාර කෝටි හැට නව ලක්ෂයකට වැඩි මුදලක්...

බදුල්ල බස් අනතුරින් තුවාල ලැබු තවත් සිසුවෙක් මරුට

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් රැගත් බස් රථයක් පෙරළීමෙන් ඉකුත්දා සිදුවූ අනතුරෙන් තුවාල ලබා රෝහල්ගතව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින්...

මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් මානව හිමිකම් කොමිසමට කැඳවලා

මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරීන් හට සරණාගතයන් හමුවීමට යෑමට ඉඩ නොදීම පිළිබඳව කරුණු විමසීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා ඇතුළු පිරිසක් හෙට (31) උදෑසන...

POPULAR ARTICLES