29.1 C
Colombo
Saturday, April 12, 2025

මිහින්තලේ නා හිමිගෙන් කෝටියක කප්පම් ඉල්ලලා

- Advertisement -

මිහින්තලය රජමහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ගේ හඬපටයක් සහ වීඩියෝ පටයක් සමාජ මාධ්‍යට මුදා හරින බව පවසමින් පුද්ගලයකු උන්වහන්සේගෙන් කප්පම් ඉල්ලා ඇති බව මිහින්තලේ පොලිසිය පවසනවා.

එම හිමියන්ගේ හඬ පටයක් සහ වීඩියෝ පටයක් එම පුද්ගලයා සතුව තිබෙන බවත් රුපියල් කෝටියක මුදලක් නොදුනහොත් එය සමාජ මාධ්‍යට මුදා හරින බවට වට්ස්ඇප් හරහා ඇමතුමක් දුන් බව හිමියන් විසින් පොලිසියට පවසා තිබෙනවා.

මිහින්තලය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු එම වීඩියෝ පටය සහ හඬ පටය ඔහුගේ මුහුණ පොතේ පළ කර ඇති අතර මේ වන විට එය ඉවත් කර ඇති බවත් උන්වහන්සේ ප්‍රකාශ කර තිබෙනවා.

කාන්තාවකගේ නමින් පවත්වාගෙන යන මුහුණු පොතේ මෙම හඬ පටය හා වීඩියෝව මේ වන විට පළ කර ඇති බව ද විහාරාධිපති හිමියන් කළ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වන බව පොලීසිය පවසනවා.

RECENT ARTICLES - SINHALA

සමුද්‍රීය ආරක්‍ෂාව වෙනුවෙන් හදිසි ඇමතුම් අංකයක්

සමුද්‍රීය ආරක්‍ෂාව වැඩිදියුණු කිරීම සහ මුහුදු ආපදා තත්වයන්හිදී වහාම ප්‍රතිචාර දැක්වීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක හදිසි ඇමතුම් අංකයක් හඳුන්වා දී තිබෙනවා. ශ්‍රී ලංකා...

ලාංකික කතකට ලිංගික අතවර කළැයි ඉන්දීය ජාතිකයෙක් අල්ලයි

ඩුබායි සිට කටුනායක බලා පැමිණි ගුවන් යානයක සිටි කාන්තාවකට ලිංගික අතවර සිදුකළ බවට ඉන්දීය ජාතිකයෙක් ගුවන් තොටුපොළ පොලිසිය විසින් අද (12) උදෑසන අත්අඩංගුවට ගෙන...

අස්වැසුම්ලාභීන්ට බැංකු ගිණුම් හා හැඳුනුම්පත් නැහැ

අස්වැසුම ප්‍රතිලාභීන්ට ජාතික හැඳුනුම්පත් සහ බැංකු ගිණුම් නොමැති වීම වැනි පරිපාලනමය ගැටලු හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විස්තීරණ අරමුදල් ණය පහසුකම් වැඩසටහනට අදාළ සමාජ ආරක්ෂණ...

POPULAR ARTICLES