24 C
Colombo
Sunday, January 5, 2025

තිදරු මවක් මාස 6ක් තිස්සේ බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් සිටි ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට

- Advertisement -

29 හැවිරිදි තිදරු මවක් බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් අයුතු ලෙස සිරකර තබාගත් බවට පැවසෙන මාළු ව්‍යාපාරිකයෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව සඳහන්.

කඹුරුපිටිය මස්තකමුල්ල ප්‍රදේශයේ නිවසකදී සැකකාර ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම ව්‍යාපාරිකයා මාස 06ක පමණ කාලයක් මෙම තිදරු මවට තර්ජන ගර්ජනවලට ලක්ව එම නිවසේ රැඳී සිට ඇති බවයි මුලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.

ඇය එම ස්ථානයෙන් පලා ගියහොත් සැමියා හා දරුවන් මරා දමන බව සහ නිරුවත් වීඩියෝ දර්ශන ලබාගෙන ඒවා අන්තර්ජාලයට මුදා හරින බවද නිතර තර්ජනය කළ බව එම කාන්තාව පොලීසිය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

ඊට අමතරව ඇයගේ කොණ්ඩය කපා දමමින් පිහි පෙන්වා විවධ හිරහැරවලට ලක්වූ බවද ඇය පොලීසිය වෙත ලබාදුන් ප්‍රකාශයේ සටහන්ව ඇති බව සඳහන්.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙම තිදරු මව අවස්ථා ගණනාවකදී පොලිස් ස්ථාන රැසකට පැමිණිලි කලද ඉන් කිසිඳු සාධාරණයක් ඉටු වී තිබුණේ නැහැ.

පසුව ඇය දකුණු පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාට පැමිණිලි කිරීමෙන් පසු අදාල විමර්ශන මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනී වරුනී කේශලා බෝගහවත්ත මහත්මිය වෙත භාර දී තිබුණා.

ඒ අනුව එම කාර්යාංශයේ ස්ථානාධිපතිනී ඇතුළු කණ්ඩායමක් මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් සෝදිසි වරෙන්තුවක් ලබාගෙන සැකකරුගේ නිවස පරික්ෂාවට ලක්කර තිබෙනවා.

එහිදී අදාල කාන්තාවට තර්ජනය කිරීමට යොදා ගත් බව කියන මාලු කපන පිහි 05 ක් හා කිනිස්සක් සොයා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

තවද ඇයගේ නිරුවත් දර්ශන වීඩියෝ කර පටිගත කර තිබු ජංගම දුරකතනය හා මෙමරි කාඩ් පත ද පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය කියා සිටියේ එම ජංගම දුරකතනය තුල සැකකරු බාල වයස්කාර දැරියක් දූෂණය කරන වීඩියෝ දර්ශන ද ඇතුලත් වී තිබු බවයි.

36 හැවිරිදි සැකකරු අදාළ තිදරු මවගේ ඥාති මාමා කෙනෙක් බවට මුලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

කෝටි 32 ක මියුසිකල් ගහපු හරීන්

තරුණ සේවා සභාව මඟින් සංවිධානය කළ Smart Youth Night නමැති සංගීත සංදර්ශන මාලාව සඳහා රුපියල් කෝටි 32කට අධික මුදලක් වැය කර ඇති බව අනාවරණය...

බොන අයට හඳුන්නෙත්තිගෙන් එතනෝල්

අඩු මිලකට ප්‍රමිතියෙන් ඉහළ මත්පැන් වෙළදපොලට හදුන්වා දීමට බලාපොරොත්තු වන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා. ඊයේ (03) ලංකා සීනි සමාගමට...

අදානි ව්‍යාපෘති ගැන බලන්න යළිත් කමිටුවක්

අදානි සමාගමේ මෙරට බලශක්ති ව්‍යාපෘති පිළිබඳ අධ්‍යනයට යළි කමිටුවක් පත්කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා. බලශක්ති අමාත්‍යාංශය විසින් ඊට අදාළ යෝජනාව ලබන අමාත්‍ය මණ්ඩල...

POPULAR ARTICLES