27.9 C
Colombo
Sunday, April 6, 2025

ගුවන් තොටුපොළට ස්වයංක්‍රීය ආගමන විගමන පද්ධතියක්

- Advertisement -

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණෙන සහ පිටවන ගුවන් මඟීන්ට කාර්යක්ෂම සේවාවක් ලබාදීමේ අරමුණින් සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම ස්වයංක්‍රීය ආගමන විගමන පාලන පද්ධතියක් ස්ථාපිත කිරීමට සඳහා සිංගප්පුරු සමාගම ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා.

ආගමන විගමන දෙපාර්තමේන්තුව මේ සඳහා මුලික පහසුකම් සපයන අතර සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම මේ සඳහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන සම්පාදනය කරනු ලබනවා.

අද වන විට දිනකට කටුනායක ගුවන් තොටුපොළ තුළ දිනකට ගුවන් මඟීන් 19000ක් පමණ සංසරණය වන අතර එය කොරෝනා වෛරසයට පෙර 28000ක තරම් ඉහළ අගයක පැවතුණා.

මේ ව්‍යාපෘතිය ආරම්භයේ දී පිටත්වීමේ පර්යන්තයේ ස්වයංක්‍රීය ආගමන විගමන පිවිසුම් කවුළු ( E – Gates ) දෙකක් ස්ථාපිත කිරීමට නියමිතයි.

ඉන් මාස 08කට පසුව පැමිණීමේ පර්යන්තයේ එවැනි කවුළු 02ක් ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබෙනවා.

ලෝකයේ බොහෝ ‍රටවල ගුවන් තොටුපොළ තුළ මෙවැනි ස්වයංක්‍රීය ආගමන විගමන පාලන පද්ධති ක්‍රියාත්මක කෙරෙන අතර ඒ සදහා සිංගප්පූරුවේ ” තාලස් ඩිස් ” සමාගම විසින් නිෂ්පාදිත මෘදුකාංග භාවිතා කෙරෙනු ඇති.

RECENT ARTICLES - SINHALA

අගමැති මෝදි 96 ලෝක ශූරයින් හමුවෙයි 

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ 1996 වසරේ ලෝක කුසලානය දිනාගත් ඉතිහාසගත ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් අද (05) ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුව තිබෙනවා. ඒ පිළිබඳව සිය...

දඹුල්ල කෘෂි ගබඩාවේ නම වෙනස් කළාට හර්ෂ පුදුමයෙන්

පශ්චාත් අස්වනු නාස්තිය අවම කිරීමේ අරමුණින් ඉදි කෙරුණු දඹුල්ල උෂ්ණත්ව පාලිත කෘෂිකර්ම ගබඩාව අද (05) විවෘත කෙරුණා. ඒ,  ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනපති අනුර...

මෝදිට හූ කියලා

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (05) රථ පෙළපාලිය සමඟ නෙළුම් පොකුණ අසල මාර්ගයේ ගමන් ගන්නා අවස්ථාවේදී පෙරටුගාමි...

POPULAR ARTICLES