27.7 C
Colombo
Wednesday, April 16, 2025

මිහින්තලේ විහාරාධිපති හිමිගෙන් කප්පම් ඉල්ලූ සිද්ධිය දුරදිග යයි

- Advertisement -

වීඩියෝ පටයක් සහ හඬ පටයක් ප්‍රසිද්ධ කරන බවට තර්ජනය කරමින් මිහින්තලය රජමහා විහාරාධිපති පූජ්‍ය වළවාහැංගුණුවැවේ ධම්මරතන හිමියන්ගෙන් රුපියල් කෝටියක මුදලක් කප්පම් ඉල්ලීමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදුකර එහි ප්‍රගතිය දන්වන්නැයි අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මිහින්තලේ පොලිසියට නියෝග කර තිබෙනවා.

අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් අදාළ දුරකථන සමාගමේ කළමනාකාරීත්වයට නියෝග කර ඇත්තේ මෙම කප්පම් ඉල්ලීමේ සිද්ධියට යොදාගෙන ඇති දුරකථන අංකය පිළිබඳව විශ්ලේෂණ වාර්තාවක් ද මිහින්තලේ පොලිසියට ලබාදෙන ලෙසයි.

අදාළ කප්පම් මුදල ඉල්ලා පසුගිය 06 වනදා වට්ස්ඇප් යෙදුම හරහා පුද්ගලයෙක් විසින් නායක හිමියන් වෙත දුරකතන ඇමතුමක් ලබාගෙන ඇති බව උන්වහන්සේ පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.

උන්වහන්සේ පොලීසියට ප්‍රකාශ කර තිබුණේ මිහින්තලය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු එම වීඩියෝ පටය සහ හඬ පටය ඔහුගේ මුහුණ පොතේ පළ කර තිබූ බවත් මේ වන විට එය ඉවත් කර ඇති බවත්ය.

RECENT ARTICLES - SINHALA

ගම්පහ වෙඩි තැබීමක්

ගම්පහ ප්‍රදේශයේදී අද (15) රාත්‍රී 8 ට පමණ වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලීසිය පවසනවා. එම ප්‍රදේශයේ බස් නැවතුම්පොල අසලදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු...

පිල්ලෙයාන් මුණගැසීම ගැන මාධ්‍ය හමුවක් – ගම්මන්පිළ

මේ වන විට දින 90ක රැඳවුම් නියෝගයක් යටතේ  ප්‍රශ්න කෙරෙමින් සිටින ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් සමග තමා හමුවීම පිළිබඳ පැහැදිලි කිරීමට හෙට (16) විශේෂ මාධ්‍ය...

පුංචි ඡන්දය ගැන ප්‍රකාශයක්

පළාත් පාලන මැතිවරණයේ ප්‍රචාරක කටයුතු මේ වන විට බොහෝ දුරට සාමකාමීව සිදුවන බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ,...

POPULAR ARTICLES

ගම්පහ වෙඩි තැබීමක්

ගම්පහ ප්‍රදේශයේදී අද (15) රාත්‍රී 8 ට පමණ වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලීසිය පවසනවා. එම ප්‍රදේශයේ බස් නැවතුම්පොල අසලදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු...

ට්‍රම්ප්ගෙන් හාවඩ් විශ්වවිද්‍යාලයට තර්ජනයක්

ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයට ලබා දී තිබෙන බදු සහන ඉවත් කරන බවට එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර තිබෙනවා. එම ප්‍රකාශය කර ඇත්තේ විශ්වවිද්‍යාලයට ලබා...