24 C
Colombo
Sunday, January 19, 2025

රාජපක්ෂවාදීන් ආණ්ඩුවෙන් ගියත් ආණ්ඩුව කඩා වැටෙන්නේ නෑ – නිමල් ලන්සා

- Advertisement -

මැති ඇමති ධුර ඉල්ලා බලකරමින් නාමල් රාජපක්ෂ මහතා ඇතුළු රාජපක්ෂවාදීන් ආණ්ඩුවෙන් ඉවත් වුවත් ආණ්ඩුව කඩා නොවැටෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතා පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ආණ්ඩුව විසුරුවා හැරීමේ අවශ්‍යතාවක් මතු නොවන බවයි.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස පළමුවරට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම හමුවූ අවස්ථාවේදී පාර්ලිමේන්තුව විසුරුවනවා හරිනවාදැයි පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රීවරු ජනාධිපතිවරයා ගෙන් විමසීමක් කර ඇති අතර එහිදී ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ “මම විසුරුවන්නේ නැ. එත් ඔබතුමාලා කියන වෙලාවක ව්‍යවස්ථානුකුලව පාර්ලිමේන්තුව විසුරුවන්නම්” කියාය.

වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටින්නේ නාමල් රාජපක්ෂ කණ්ඩායමට මේ අවස්ථාවේදී පොහොට්ටුවේ මන්ත්‍රීවරු 25කට වැඩි සහයක් නොමැති බවයි.

“රාජපක්ෂවාදීන් ආණ්ඩුවෙන් ගියත් ප්‍රශ්නයක් නැහැ. මොකද එයාල යනවනම් විපක්ෂයෙන් මන්ත්‍රීවරු ඊට වැඩි පිරිසක් ජනාධිපතිවරයාට සහය පලකිරීමට එකඟවී තියනවා. සජබෙන්, නිදහස් කණ්ඩායමෙන්, උත්තර කණ්ඩායමෙන් ආණ්ඩුවට එන්න බලන් ඉන්න මන්ත්‍රීවරුන්ට තියන එකම බැරියර් එක ඔය බැසිල් කණ්ඩායම.

පහුගිය කාලේ පාන් කියාගන්න බැරුව හැංගිලා හිටපු කට්ටිය, රනිල් ජනාධිපතිතුමා යාන්තන් රට ගොඩදාගෙන එනකොට ඔන්න දැන් ජනාධිපතිතුමාට විරුද්ධව වැඩකරන්න පටන් අරන්.

මේවා පැහැදිලිවම කුහක වැඩ. සේරම එකතුවෙලා ආර්ථිකය ගොඩදාගන්න ඕන වෙලාවක ජනාධිපතිතුමාගේ කකුලෙන් අදින එක අනුමත කරන්න බැහැ. මම ලංකාවට ආපු ගමන් ඔය ගැන විශේෂ ප්‍රකාශයක් කරනවා”

RECENT ARTICLES - SINHALA

ප්‍රදේශ කිහිපයකට මි.මී 150 ඉක්මවූ තද වැසි

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ...

ශ්‍රී ලංකාව ලෝකයේ සංචාරයට සුදුසුම ස්ථාන 10 අතරට

0
BBC Travel මඟින් ලොකයේ සංචාරයට සුදුසුම ස්ථාන 25 අතර ශ්‍රී ලංකාව 9 වැනි තැනට පත්ව ඇති බව ප්‍රකාශයට පත් කර තිබෙනවා. බී.බී.සී. ආයතනය මෙම නවතම...

සතොස වෙළෙඳසැල් 1000ක් දක්වා වැඩි කරනවා

රට පුරා සතොස වෙළෙඳසැල් දහසක් දක්වා වැඩි කිරීමට කටයුතු කරන බව වෙළෙඳ හා වාණිජ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා. අනුරාධපුර, පොදු වෙළඳ සංකීර්ණය ඉදිරිපිට පැවති...

POPULAR ARTICLES