27.3 C
Colombo
Wednesday, April 9, 2025

ආසියානු කුසලානය පැවැත්වෙන දින නම් කෙරේ

- Advertisement -

ආසියානු කුසලාන 2023 ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකා – පාකිස්ථාන සම සත්කාරකත්වයෙන් පැවැත්වෙන බව ආසියානු ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

තරගාවලිය අගෝස්තු මස 31 වනදා සිට සැප්තැම්බර් මස 17 වනදා දක්වා පැවැත්වෙන බවද එම කවුන්සිලය අද (15) නිකුත් කළ නිවේදනයේ සඳහන්.

ඒ අනුව තරග 13කින් සමන්විත තරගාවලියේ තරග 04ක් පාකිස්ථානයේ දීත් තරග 09ක් ශ්‍රී ලංකාවේදීත් පැවැත්වීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

වසර 15කට පසු ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමේ අවස්ථාව මෙවර පාකිස්ථානයට හිමිවී තිබුණ ද ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් සිය කණ්ඩායම එරටට යොමු කිරීම ප්‍රතික්ෂේප කිරීමත් සමග තරගාවලිය සම්බන්ධයෙන් ගැටළුකාරී තත්ත්වයක් මතුවී තිබුණා.

සාකච්ඡා වට ගණනාවකින් පසුව එය මෙලෙස දෙමුහුම් ආකෘතියක් යටතේ පාකිස්ථානයේ හා ශ්‍රී ලංකාවේ පැවැත්වීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇති බවට වාර්තා වෙනවා.

RECENT ARTICLES - SINHALA

නැගෙනහිර සංවර්ධනය ගැන සාකච්ඡා

සිංගප්පූරුවේ සබානා ජුරොන්ග් (Surbana Jurong) ආයතනය හා අමාත්‍යාංශ 18ක් එක්ව කලාප 03ක් යටතේ ශ්‍රී ලංකාව තුළ සිදුකිරීමට නියමිත සංවර්ධන  සැලසුම්  සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් ආචාර්ය...

වැඩබලන පොලිස්පතිගෙන් චක්‍රලේඛයක්

ශ්‍රී ලංකා පොලීසිය සහ මහජන සම්බන්ධතා ශක්තිමත් කිරීමට නව මුහුණුවරකින් මහජන ආරක්ෂක කමිටු පිහිටුවීම සඳහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් චක්‍රලේඛයක් මඟින් සියළුම...

කුරුණෑගල ඉන්ධන පිරවුම්හලේ පිපිරීම ගැන විමර්ශන

කුරුණෑගල, වැහැර ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක සිදු වූ පිපිරීමට හේතුව සොයා විමර්ශන සිදුකර තිබෙනවා. එහි ගෑස් ගබඩාකිරීම හා නිකුත් කිරීම නීත්‍යානුකූල අයුරින් සිදුවූවක් ද යන්න පිළිබඳයි...

POPULAR ARTICLES

නැගෙනහිර සංවර්ධනය ගැන සාකච්ඡා

සිංගප්පූරුවේ සබානා ජුරොන්ග් (Surbana Jurong) ආයතනය හා අමාත්‍යාංශ 18ක් එක්ව කලාප 03ක් යටතේ ශ්‍රී ලංකාව තුළ සිදුකිරීමට නියමිත සංවර්ධන  සැලසුම්  සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් ආචාර්ය...

වැඩබලන පොලිස්පතිගෙන් චක්‍රලේඛයක්

ශ්‍රී ලංකා පොලීසිය සහ මහජන සම්බන්ධතා ශක්තිමත් කිරීමට නව මුහුණුවරකින් මහජන ආරක්ෂක කමිටු පිහිටුවීම සඳහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් චක්‍රලේඛයක් මඟින් සියළුම...

ඇමෙරිකන් බිස්නස් රකිනවා – චීනයෙන් පොරොන්දුවක්

ඇමරිකානු ව්‍යවසායන් ඇතුළු චීනයේ විදේශ ආයෝජන ව්‍යවසායන්හි නිත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කරන බව චීනය අවධාරණය කර තිබෙනවා. චීන වාණිජ උප ඇමති සහ ජාත්‍යන්තර වෙළඳ සාකච්ඡා සඳහා...