කොම්පඤ්ඤවීදිය ප්රදේශයේ නිවාස සංකීර්ණයකින් නිවසක් ලබාදෙන බව පවසා අමෙරිකානු ඩොලර් ලක්ෂ 03කට අධික මුදලක් වංචා කළ බවට සැකපිට ඉන්දීය ජාතිකයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම සැකකරු විදෙස්ගතවීමට උත්සාහ කළ අවස්ථාවේ දී කටුනායක ගුවන්තොටුපොලේ දී අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
කොම්පඤ්ඤවීදිය ප්රදේශයේ නිවාස සංකීර්ණයකින් නිවසක් ලබාදෙන බව පවසා සැකකරු විසින් පුද්ගලයෙකුගෙන් අමෙරිකානු ඩොලර් තුන් ලක්ෂ 678ක මුදලක් ලබාගෙන තිබෙනවා
සැකකාර ඉන්දීය ජාතිකයාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශයට නිවස ලබානොදී සාපරධී විශ්වාසය කඩ කළ බවට පැමිණිල්ලක් ලැබී තිබු බව පොලීසිය පවසනවා.
ඒ අනුව, සිදුකළ විමර්ශනයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටුනායක ඒකකයේ නිලධාරීන් විසින් 65 හැවිරිදි සැකකාර ඉන්දීය ජාතිකයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු කොටුව මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.