තිරිඟු ඇට බදු සහන මත ආනයනය කොට පිටිකර අලෙවි කරන ප්‍රධාන සමාගම් දෙක එක් පිටි කිලෝවකින් රුපියල් 53ක අධික ලාභයක් ලබන බව ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ ප්‍රධාන ආහාර ද්‍රව්‍ය රැසක මිල වැඩිවීමෙන් රටේම පාරිභෝගික ජනතාව දැඩි පිඩාවට පත්වන බවයි.
මෙයින් රජයට හිමි විය යුතුව තිබෙන කෝටි ගණනක බදු ආදායම අහිමි වන බව එම සංගමය පවසනවා.
අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනයකරුවන්ගේ සංගමසේ උපදේශක පි. එම්. අබේසේකර මහතා කියා සිටින්නේ පසුගිය 14 දින නිකුත් කළ නව ගැසට් නිවේදනය අනුව තිරිඟු පිටි කර ආනයනය කිරිමේදි කිලෝග්රෑමයකට රුපියල් තිස් පහකට වැඩ බද්දක පනවා ඇති බවයි.
කෙසේ නමුත් 2002 සිට මේ දක්වා තිරිඟු ඇට ආනයනය කර මෙරටදී පිටි කරන සමාගම්වලට බදු සහනයක් ලබාදී ඇති බවද ඔහු සඳහන් කාරනවා.
මේ වන විට තුර්කියේ තිරිඟුපිටි මෙට්‍රික් ටොන් එක්ක ඩොලර් 450 සිට 355 තෙක් අඩුවීමත් සමග තිරිගුපිටි ආනයනකරුවන් සියයට 15ක නව බද්ද, සියයට දහයක වරාය හා ගුවන් සේවා බද්ද, සියයට 2.5ක සමාජ ආරක්ෂණ බද්ද, ගෙවා තිරිඟු පිටි කිලෝවක් රුපියල් 158කට අලෙවි කරද්දී බදු නිදහසේ ප්රතිලාභ ලබමින් තිරිඟු ඇට ගෙන්වා මෙරට දී පිටි කරන සමාගම් තිරිඟු පිටි කිලෝවක් අලෙවි කරන්නේ රුපියල් 211කට බවයි අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවෝ පෙන්වා දෙන්නේ.
මාසිකව පිටි මෙට්‍රික් ටොන් 65000කට ආසන්න ප්‍රමාණයක් මෙරට පරිභෝජනය කරන අතර මේ වන විට මෙට්‍රික් ටොන් 72000ක් ආනයනය කර ගබඩාවල පවතින බවයි ආනයනකරුවන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.