31 C
Colombo
Sunday, December 15, 2024

ගෝඨාටගේ උපන්දිනේට බෝධි පූජාවක් තියලා

- Advertisement -

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 7 වන විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ 74 වන ජන්ම දිනය වෙනුවෙන් විශේෂ බෝධිපූජාමය පින්කමක් ඊයේ (20) එතුමාගේ සහ එම මැතිණියගේ සහභාගිත්වයෙන් නාරාහේන්පිට, ගෞතම විහාරස්ථානයේ දී පවත්වනු ලැබුවා.

මෙම අවස්ථාවට කෝට්‍‍ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නායක මාහිමිපාණන් වහන්සේ, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ උපාලි නායක ස්වාමීන් වහන්සේ, මහා විහාරවංශික ස්‍යාමොපාලී මහානිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය ඕමාරේ කස්සප ස්වාමීන් වහන්සේ, බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන ස්වාමීන් වහන්සේ, මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේ, පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ, පූජ්‍ය දිවියාගහ යසස්සි ස්වාමීන් වහන්සේ, පූජ්‍ය අතපත්තුකන්දේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය 60කට පමණ අධික පිරිසක් වැඩම කළ බව සඳහන්.

එසේම හිටපු අමාත්‍යවරුන් වන චමල් රාජපක්ෂ, මහින්දානන්ද අලුත්ගමගේ, ශෂීන්ද්‍ර රාජපක්ෂ, විජිත බේරුගොඩ, ප්‍රසන්න රණවීර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කපිල දිසානායක, සම්පත් අතුකෝරළ, සාගර කාරියවසම්, මංජුලා දිසානායක, රෝහණ දිසානායක ඇතුළු පිරිසක් ද පළාත් සභා සහ පළාත් පාලන ආයතන ප්‍රධානීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිට තිබෙනවා.

මෙහිදී ප්‍රධාන අනුශාසනාව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ උපාලි නායක ස්වාමීන් වහන්සේ විසින් පවත්වා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

අන්තර්ජාලයෙන් සල්ලි අදින චීන කතක් ගැන හෙළිවෙයි

චීන ජාතික කාන්තාවක් විසින් මෙහෙයවන මහා පරිමාණ අන්තර්ජාල මුදල් වංචාවන් පිළිබඳ කරුණු අනාවරණය කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත් වී තිබෙනවා. අන්තර්ජාල ගිණුම් ඔස්සේ මේ...

හොරට සහල් විකිණු වෙළෙඳුන් 300කට අධික පිරිසකට නඩු

සහල් පාලන මිල සම්බන්ධයෙන් සිදුකළ වැටලීම්වලින් මේ වන විට වෙළෙඳුන් 300කට අධික පිරිසක් නීතියේ රැහැනට හසුකර ඇති බව පාරිභෝගික සේවා අධිකාරිය පවසනවා. එම අධිකාරියේ තොරතුරු...

ලාංකිකයන් 17ක් ඊශ්‍රායලයෙන් පිටුවහල් කරලා

ඊශ්‍රායලයේ රැකියා සඳහා යැවූ 17 දෙනෙකු යළි ශ්‍රී ලංකාවට පිටුවහල් කර තිබෙනවා. ඒ රැකියා ගිවිසුම් උල්ල‍ංඝනය කිරීමක් හේතුවෙන්. ඊශ්‍රායලයේ ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා...

POPULAR ARTICLES