27.3 C
Colombo
Saturday, April 12, 2025

රනිල්ට ස්නයිපර් ප්‍රහාරයක අවධානමක් – දේශබන්දු තෙන්නකෝන්

- Advertisement -

දැනට විදෙස්ගතව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නැවත දිවයිනට පැමිණෙන විට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් නියෝගයක් ලබාදී තිබෙනවා.

බස්නාහිර පළාත උතුරු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට ඔහු මෙම නියෝගය ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ ලිපිය මඟින් දේශබන්දු තෙන්නකෝන් මහතා පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයා යළි දිවයිනට පැමිණෙන අවස්ථාවේදී විරුද්ධ දේශපාලන මත දරන්නන් විසින් ඔහුගේ ප්‍රභූ රථ පෙළට යම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදු කිරීමට ඇති ඉඩකඩ ඇති බවයි.

තවද සන්නද්ධ කණ්ඩායම් විසින් ප්‍රහාරයක් එල්ල කිරීමට ඇති හැකියාව, ස්නයිපර් ප්‍රහාරයක් එල්ල විය හැකි අවදානම, මහජන කැළඹීම් සහ උද්ඝෝෂණ ඇතිවීමේ ඉඩකඩ ඇතුළුව කරුණු හයක් සම්බන්ධව අවදානමක් ඇති බවද ඔහු සිය ලිපියෙන් අවධානරණය කර තිබෙනවා.

එළැඹෙන 26 වන සඳුදා වත්මන් පොලිස්පති C.D. වික්‍රමරත්න මහතාගේ නිල කාලය අවසන් වන අතර ඒ සදහා තියුණු තරඟයක් මේ වන විට පවතිනවා.

එහි ප්‍රධාන තරඟකරුවෙකු ලෙස මහජන ආරක්ෂක අමාත්‍යවරයා වන ටිරාන් අලස් මහතාගේද සමීප හිතවතෙකුද වන දේශබන්දු තෙන්නකෝන් මහතා ඉදිරියෙන්ම සිටිනවා.

කෙසේ වෙතත් අදාළ තරඟයේ තරඟ තීරකවරයා වන්නේ ජනාධිපතිවරයා බැවින් දේශබන්දු තෙන්නකෝන් මේ ආකාරයෙන් අධිරංගනයක නිරතවන බව පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරනවා.

අරගලකරුවන් ජනාධිපති මන්දිරයට ඇතුළු වූ අවස්ථාවේදී එහි තිබී රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයකට අධික මුදලක් සොයගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට එරෙහිව කොළඹ – කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර ඇති පුද්ගලික පැමිණිල්ලක් බලරහිත කරන ලෙස ඉල්ලා බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සමට අදාළ තීන්දුව පෙරේදා දිනයේ ලබාදීමට නියමිතව තිබුනද එය එළැඹෙන සඳුදා (26) එනම්, පොලිස්පති ධූරය හිස්වන දිනය දක්වා කල් ගොස් තිබෙනවා.

මීට අමතරව ඉකුත් වසරේ මැයි 9දා ගාලු මුවදොර ‘ගෝඨාගෝගම’ අරගලයට පහරදීමේ සිද්ධියේ සැකකරුවෙකු ලෙස තමන් නම් කරන ලෙස දන්වා නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කරනු ලැබ ඇති ලිපියක් බලරහිත කරන ලෙස ඉල්ලා දේශබන්දු තෙන්නකෝන් විසින් ඉදිරිපත් කරන ලද රිට් පෙත්සමේ තීන්දුව ප්‍රකාශ කිරීමද අභියාචනාධිකරණය ලබන සඳුදා (26) දක්වා කල්තබා තිබෙන පරිසරයක් තුළ දේශබන්දු තෙන්නකෝන් ජනාධිපතිවරයාගේ ආරක්ෂාව තකා මෙවන් ලිපියක් යොමුකර තිබීම විශේෂත්වයක්.

RECENT ARTICLES - SINHALA

අවුරුද්දට ගමේ යන්න අදත් විශේෂ ප්‍රවාහන සේවා

සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ මගී ප්‍රවාහන සේවා අද (12) දිනයේද ක්‍රියාත්මකයි. ඒ අනුව, මහනුවර, පුත්තලම, දඹුල්ල හා ගාල්ල...

ප්‍රදේශ රැසකට අද තද වැසි

අද (12) උදෑසන කාලයේදී  බස්නාහිර සහ දකුණු පළාත්වලත්  පුත්තලම, යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වෙරළබඩ ප්‍රදේශවලට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එම...

මේ ආණ්ඩුව රනිල්ගේ මයිල් ගහක්වත් හොලවන්නේ නැහැ – චාමර සම්පත්

වත්මන් ජාතික ජන බලවේග ආණ්ඩුව හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මයිල් ගහකටවත් හානියක් සිදු නොකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත්...

POPULAR ARTICLES