ඉන්දියාවේ පැවැත්වීමට නියමිත 2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ තරඟ කාලසටහන ජගත් ක්‍රිකට් කවුන්සිලය මඟින් අද (27) ප්‍රකාශයට පත් කරනු ලැබුවා.
මේ වන විට තරඟාවලිය ආරම්භ වීමට දින 100ක් පමණ ඉතිරිව තිබෙනවා.
ප්‍රකාශයට පත් කළ තරඟාවලි කාලසටහන අනුව තරඟාවලියේ සමාරම්භක තරඟය පසුගිය ලෝක කුසලාන තරඟාවලියේ අවසන් මහා තරඟයට ක්‍රීඩා කළ ලෝක ශූර එංගලන්තය හා නවසීලන්තය අතර පැවැත්වීමට නියමිතයි.
තරඟාවලියේ සමාරම්භක තරඟය ඔක්තෝම්බර් 05 වනදා ආරම්භ වන අතර නොවැම්බර් 19 වනදා පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.
අහ්මදාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගනයේ තරඟාවලියේ සමාරම්භක තරඟය සහ අවසන් මහා තරඟය පැවැත්වීමට නියමිතයි.
සත්කාරක ඉන්දියාව ක්‍රීඩා කරන පළමු තරඟය ඕස්ට්‍රේලියාවට එරෙහිව චෙන්නායි හිදී ඔක්තෝම්බර් 08 වනදා පැවැත්වෙන අතර බොහෝ දෙනාගේ අවධානය දිනාගත් ඉන්දු පාකිස්ථානය අතර තරඟය ඔක්තෝම්බර් 15 වනදා අහ්මදාබාද් ක්‍රීඩාංගනයේදීම පැවැත්වෙනු ඇති.
ඉන්දියාවේ ක්‍රීඩාංගන 10කදී දින 46ක් පුරා පැවැත්වෙන ලෝක කුසලාන තරඟාවලිය රටවල් 10ක ක්‍රීඩා කරන අතර තරඟාවලිය සඳහා තරඟ 48ක් ඇතුළත්.