28.8 C
Colombo
Tuesday, April 1, 2025

පියාසර කරන මෝටර් රථය සඳහා අනුමැතිය

- Advertisement -

අලෙෆ් එරොනොටික්ස් සමාගමේ පියාසර කිරීමට හැකි මෝටර් රථය සඳහා ඇමෙරිකා එක්සත් ජනපද රජය පියාසර කිරීම සඳහා නීතිමය අනුමැතිය ලබා දී තිබෙන බවට වාර්තා වෙනවා.

මෙම මෝටර් රථය සියයට 100 ක් විද්‍යුත් මෝටර් රථයක් වන අතර එක් අයෙකුට හෝ දෙදෙනෙකුට ගමන් කළ හැකි බවයි සඳහන් වන්නේ.

මෝටර් රථයේ මිල ඇමෙරිකානු ඩොලර් ලක්ෂ තුනක් (ශ්‍රී ලංකා මුදලින් 92643480)පමණ වෙනවා.

මාර්ග තදබදය සහ අනතුරු මග හරිමින් පියාසර කිරීමට මෙම මෝටර් රථයට හැකියාව තිබෙන බව සඳහන්.

තම මෝටර් රථයට පියාසර කිරීම සඳහා යෝග්‍යතා සහතිකයක් ඇමෙරිකානු ෆෙඩරල් ගුවන් සේවා ඒජන්සියෙන් ලැබුණු බව අලෙෆ් එරොනොටික්ස් සමාගම ප්‍රකාශ කර තිබෙන අතර මෙවැනි මෝටර් රථයක් සඳහා ඇමෙරිකානු රජය අවසර දුන් ප්‍රථම අවස්ථාවද මෙය වනවා.

මෙම විශේෂ පියාසර කිරීමේ යෝග්‍යතා සහතිකය මගින් මෝටර් රථයට පියාසර කිරීමට අවසර ලබා දී ඇතත් පියාසර කළ හැකි ස්ථාන සහ අවස්ථා සීමිත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

2025 වසරේ අවසානයේ සිට මෙම මෝටර් රථය මිලදී ගැනීම සඳහා ජනතාවට අවස්ථාව ලබා දීමට අලෙෆ් එරොනොටික්ස් සමාගම බලාපොරොත්තු වෙනවා.

RECENT ARTICLES - SINHALA

TIN අංකය අනිවාර්යය කරලා

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සපයන සියලු සේවාවන් සඳහා TIN අංකය අනිවාර්ය කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව දැනුම්දී ඇත්තේ, 2025 අප්‍රේල් මස 15 වන...

පළාත් පාලන මැතිවරණයට අධිකරණය දුන් නියෝගයක්

පළාත් පාලන ඡන්ද විමසීම්වලට අදාළව මේ වන විට නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කර තිබෙන පළාත් පාලන ආයතනවලට අදාළව  ඡන්ද...

අලුත් අවුරුද්දට විශේෂ බස් රථ

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පිටත්ව යන ජනතාවගේ ප්‍රවාහන පහසුකම් වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව...

POPULAR ARTICLES