28.2 C
Colombo
Saturday, April 12, 2025

Breaking: නටාෂා එදිරිසූරියට ඇප

- Advertisement -

මෝඩාභිමානය ” නමැති ප්‍රහසන වැඩසටහනකදී බෞද්ධාගමට අපහාස්‍ර වන අයුරින් අදහස් දැක්වීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නතාෂා එදිරිසූරියට එරෙහි නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රත් අධිකරණයේදී අද (05) පෙරවරුවේ විභාගයට ගැණුනා.

එහිදී මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේ ලබන 19 වැනිදා දක්වා ඇයව තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

සැකකාරියට එරෙහිව දේශපාලන හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ චෝදනා ගොනුකර ඇති බව කියමින් ඇය වෙනුවෙන් කරුණු දක්වමින් ජනාධිපති නීතිඥ ශවෙන්ද්‍ර ප්‍රනාන්දු මහතා ඇතුළු නීතිඥ මඩුල්ලක් සිදුකළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත් වරයා මෙම නියෝගය නිකුත් කළා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කර ඉදිරි දින අධිකරණයට වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

එමෙන්ම ඇයට එරෙහිව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබදව ජාත්‍යන්තර සම්මුති පනත (ICCPR) යටතේ ගැනෙන චෝදනා සම්බන්ධයෙන් වන නඩුව අද දහවල් කොළඹ අංක 04 මහාධිකරණයේදී විභාගයට ගැණුනා.

එහිදී මහාධිකරණය නියෝග කළේ ඇයට ඇප ලබාදීමටයි.

ඇය වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණය විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා මෙම නියෝගය නිකුත් කළා.

එම ඇප ඉල්ලීමට විරුද්ධ නොවන බවට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කල දැනුම්දීමෙන් පසුව විනිසුරුවරයා ඇප නියෝගය ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව ඇය රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහැරීමට විනිසුරු ආදිත්‍ය පටබැදිගේ මහතා නියම කළා.

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ දී ශ්‍රී ලාංකික තරුණයෙක් ජීවිතක්ෂයට

මැලේසියාවේ ෂා අලාම් හි ටමාන් අලාම් ඉන්ඩා හි ඉදිකිරීම් ද්‍රව්‍ය ගබඩා ස්ථානයක ඇති වූ ගංවතුර තත්ත්වයකදී විදුලිසැර වැදී මිය ගොස් සිටි ශ්‍රී ලාංකික තරුණයෙකු...

පිල්ලෙයාන්ව දින 90ක් රඳවා ප්‍රශ්න කිරීමට අවසර

සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්, දින 90 ක කාලයක් රඳවා තබා ප්‍රශ්න කිරීමට අවසර ලබා ගෙන ඇති බව පොලීසිය පවසනවා. ඒ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේයි. නැගෙනහිර විශ්වවිද්‍යාලයේ...

ඇමතිලා පිරිසක් තෙල් එපා කියලා

වර්තමාන රජයේ ඇමතිවරුන් සහ නියෝජ්‍ය ඇමතිවරුන් විස්සකට ආසන්න පිරිසක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වශයෙන් ලැබෙන ඉන්ධන දීමනාව මින් ඉදිරියට අවශ්‍ය නැති බවට පාර්ලිමේන්තු මහ ලේකම්වරියට ලිඛිතව...

POPULAR ARTICLES

මැලේසියාවේ දී ශ්‍රී ලාංකික තරුණයෙක් ජීවිතක්ෂයට

මැලේසියාවේ ෂා අලාම් හි ටමාන් අලාම් ඉන්ඩා හි ඉදිකිරීම් ද්‍රව්‍ය ගබඩා ස්ථානයක ඇති වූ ගංවතුර තත්ත්වයකදී විදුලිසැර වැදී මිය ගොස් සිටි ශ්‍රී ලාංකික තරුණයෙකු...

පිල්ලෙයාන්ව දින 90ක් රඳවා ප්‍රශ්න කිරීමට අවසර

සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්, දින 90 ක කාලයක් රඳවා තබා ප්‍රශ්න කිරීමට අවසර ලබා ගෙන ඇති බව පොලීසිය පවසනවා. ඒ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේයි. නැගෙනහිර විශ්වවිද්‍යාලයේ...

ෆ්ලොරිඩාවේ ගුවන් අනතුරකින් තිදෙනෙකු මරුට

දකුණු ෆ්ලොරිඩාවේ සිදුවූ ගුවන් යානා අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබෙනවා. අමෙරිකාවේ වේලාවෙන් ඊයේ (11) පෙ.ව. 10.20ට පමණ මෙම අනතුර සිදුව තිබෙනවා. විදෙස් වාර්තාවන්ට අනුව සැහැල්ලු ගුවන්...