2012 වසරේ මට නිතරම හැදුන නොයෙක් අසනීපයන් නිසා සහ උදරයේ ඉදිමීම නිසා මම රෝහලින් නිතර නිතර බෙහෙත් ගැනීමට සිදු වූවා.
මේ නිසාම අක්මාවේ ගැටලුවක්දැයි සැකයට මගේ වෛද්‍යවරයා එය පරික්ෂාවට ලක් කරනු ලැබුවා.
දින කිහිපයකින් එහි ප්‍රතිඵලය කියන්නට මාව ගෙන්වූ අතර මා හට වැලදී ඇත්තේ දරුණු ඩිම්බකෝෂ පිළිකාවක් බව කියූ සැනින් මට සිහිසුන් වූ බව අද වගේ මට මතකයි.
කුමක් කරන්නද කියා සිතා ගත නොහැකි වූ මම මගේ එකම සැනසීම වූ මගේ මව වැලදගෙන හැඩීම දින ගනනක් සිදු කරත් සත්‍යට මම මුහුන දිය යුතු බව මට වැටහුනා.
සිහින් සිරුරකින් සුන්දරව තිබූ මගේ ශරීරය විශාල උදරයක් සමග විරූපී වී තිබුනා.
බොහෝ දෙනා අහිංසක යැයි කියූ මගේ නෙත් අසල කළු ලප මතුවූ තිබුණා.
සත්තකින්ම මා මගේ මුහුණ කන්නාඩියකින් බැලීමට පවා අකමැතිවූවේ ඒ වූ විරූපී උවන නිසායි.
නේපාලයේ කත්මණ්ඩු නුවර පිහිටි රෝහලේ වෛද්‍යවරිය සහ පවුලේ අය මට කෙතරම් හොදින් උවටැන් කලත් දෙවියනේ මගේ හිත හදා ගන්නට මට තරමක් අපහසු වූවා.
මට චිත්‍රපටවල මතකයි කෙනෙකුට පිළිකාවක් ඇත්නම් වෛද්‍යවරු එය කපා දමනු ඇති අතර පසුව ඔවුන් හොඳින් සිටින බව.
ඒ නිසාම මම ඇහුවා වෛද්‍යවරියගෙන් එය කපා ඉවතට විසි කළ නොහැකිද කියලා.
නමුත් ඒ වනවිටත් අවාසනාවකට මෙන්, රෝගය 4 වන අදියරෙහි පසුවූ අතර එයින් අදහස් කළේ එය වෙනත් අවයව වලටද ව්‍යාප්ත වී ඇති බවයි.
මම බොලදියක් මෙන් හැසිරෙන බව මටම වැටහුනා.
පවුලේ අය තීරණය කලේ මම ලෝකයේ සිටින හොදම වෛද්‍යවරයා වෙත යොමු කිරීමටයි.
අවසානයේ ඔවුන්ගේ බලකිරීම මත එක්සත් ජනපදයට යෑමට මම තීරණය කළා.
මගේ මවට එක්සත් ජනපදයේ වෛද්‍යවරුන් වන මිතුරන් සිටින අතර, නාරිවේද පිළිකා සඳහා ඉහළම ශල්‍ය වෛද්‍යවරයා පිළිබඳ ඔවුන් ඇයට පවසා තිබුනා.
ඔහු නමින් වෛද්‍ය Dennis S. Chi වූ අතර, මම ඔහුගෙන් ඇසුවා ඔබ මගේ වැනි පිළිකාවක් ඇති කෙනෙකුට ශල්‍යකර්මයක් කර තිබේද කියා.
ඔහු පිළිතුරු දෙමින් ඔව් ඇය ජීවතුන් අතර හොඳින් ඉන්නවා කීවා.
ඒ මොහොතේ “මට හුස්ම ගන්න පුළුවන්, මම නිවැරදි වෛද්‍යවරයා සමඟ සුදුසු තැනක සිටින බව මට විශ්වාසයි” මම සිතින්ම මෙනෙහි කළා.
ඔහු සහ ඔහුගේ සහයකයින් මට අපූරු පොත් කිහිපයක් ගෙනත් දුන්නා.
බුදුන් උපන් දේශයේ මා හැදී වැඩුනත් නිර්මල වූ බුදුදහමේ නිවැරදි ඉගැන්වීම මා හරිහැටි දැන උන්නේ නැහැ.
සියලු දේ අනිත්‍ය බවත් සතුට යනු කුමක්ද යන්න බවත් මනස ශක්තිමත්ව තියා ගැනීමට වූ භාවනා විදි ගැනත් මා ඔවුන්ගෙන් සහ පොත් වලින් උගෙන ගත්තා.
ජීවිතය අවසානයේ මම ජය ගත්තා.
මම මුළුමනින්ම සුව වූ බව නොපැවසුවත් මා සුව වී ඇති බව ඔවුන් මට අවසානයේ සතුටින් පැවසූ අයුරු මට අදටත් මතකයි.
මගේ සුන්දර වූ රුව ඒ වනවිටත් වියකී අවසන්.
නමුත් ඉස්සර මගේ රුව මා කැඩපතින් බැලීමට පවා අකමැති වූවාමුත්, දැන් ඕනෑම අවස්තාවක ඔබ ඉදිරියේ පවා දෙපයින් නැගී සිටීමට මට ශක්තිය දැන් ඕනෑවටත් වඩා ඇති බව මා දන්නවා.
මම..
මනීෂා කොයිරාල…
– MMP රණවීර –