27.6 C
Colombo
Sunday, April 13, 2025

පොළොන්නරුව ශිව දේවාලය යට බෞද්ධ විහාරයක් මතුවෙලා – කැණීම් ප්‍රතිඵල යට ගහලා

- Advertisement -

උතුරු නැගෙනහිර ප්‍රදේශවල ඇතැම් දේශපාලකයින් සහ ඉතිහාසඥයින් ශ්‍රී ලංකාවේ සැබෑ ඉතිහාසය විකෘති කරමින් සිටින බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා පවසනවා.

අන්තර්ජාල නාලිකාවක් සමඟ විශේෂ සාකච්ඡාවකට එක් වෙමින් ඔහු සඳහන් කර තිබෙන්නේ උතුරේ ජනාවාසකරණය පිළිබඳ පවා ජාතිවාදී ලෙස අදහස් පල කරන බවයි.

ක්‍රි පු 12වන සියවසෙන් පසු උතුරේ දමිළ ජනාවාස ඇති වී තිබෙන බවත් එම කරුණු විකෘති කරමින් එය ක්‍රි. පු 08 වන සියවස දක්වා පැරණි බව දැක්වීමට ඇතැම් කණ්ඩායම් උත්සහ කිරීම කණගාටුදායක බවද ඔහු පෙන්වා දී තිබෙනවා.

එමෙන්ම ඇතැම් පුරා විද්‍යාත්මක කැණීම් වල ප්‍රතිඵල ජනතාවගෙන් වසන් කරන තත්වයන් ද මතුව ඇති බවද පෙන්වා දෙන හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරන්නේ පොළොන්නරුව ශිව දේවාලයේ සිදුකළ කැණීම් වලදී ඊට යටින් පිහිටි බෞද්ධ වෙහෙර විහාරස්ථානයක නටබුන් මතු වූ බවයි.

නමුත් මෙම කැණීම් වල ප්‍රතිඵල ජනතාවට අනාවරණ කිරීමට අදාළ බලධාරීන් කටයුතු කර නොමැති බවයි.

මෙවැනි සිදුවීම් පිටුපස දේශපාලන බලපෑම් තිබෙන්නට ඇතැයි තමා විශ්වාස කරන බව ද ඔහු මෙහි දී සඳහන් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

මමවත් නොදන්න අය අපේ මන්ත්‍රි කණ්ඩායමේ ඉන්නවා-ඇමති ලාල් කාන්ත

පාර්ලිමේන්තුවේ තම පක්ෂයේ සිටින ඇතැම් මන්ත්‍රිවරු සමඟි ජනබලවේගයේද එසේ නොමැති නම් ජාතික ජන බලවේගයේද යන්න සැකය තමා තුල පවතින බව කෘෂි කර්ම අමාත්‍ය කේ.ඩී...

WhatsApp හදිසියේ බිඳ වැටෙයි

ලොව පුරා දහස් ගණනක් පරිශීලකයින් සඳහා වට්සැප් සමාජ මාධ්‍ය ජාලයේ යම් බිඳවැටීමක් සිදුව තිබෙනවා. ඒ අනුව, වට්ස් ඇප්  පණිවුඩ යැවීම status එකතු කිරීම වැනි කටයුතු...

කටපාඩම් නොකළැයි 7 හැවිරිදි සිසුන්ට අමානුෂික ලෙස පහර දීලා

ගුරුවරයෙකු විසින් දරුවන්ට අමානුෂික ලෙස පහරදීම පිලිබඳව සමාජ මාධ්‍යය ඔස්සේ සංසරණය වන පුවතක් සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. කොළඹ අධ්‍යාපන කලාපයේ...

POPULAR ARTICLES

ට්‍රම්ප්ගේ බදු රිවස් එකක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ස්මාර්ට්ෆෝන් සහ පරිගණක සඳහා පනවා තිබූ නව තීරු බදු ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ නිදහස්...