25 C
Colombo
Tuesday, November 19, 2024

Lady J, කොටුව කඩේ නිර්මාතෘ අභාවප්‍රාප්ත වෙයි

- Advertisement -

මෙරට කීර්තිමත් ව්‍යාපාරිකයකු වූ, ගාල්ල කොටුවේ කඩේ, ලේඩි J සහ මංජරී ව්‍යාපාර ජාලයේ නිර්මාතෘ ජේ.ජී.සුමනපාල මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඒ මහතා 75 වන වියේ පසුවුණා.

ජඹුරේගොඩ ගමාච්චිගේ සුමනපාල මහතා මාතර – වැලිගමදී උපත ලබා තිබෙනවා.

නව දෙනෙකුගෙන් යුතු පවුලේ වැඩිමලා වූ ඔහු ජඹුරේගොඩ විද්‍යාලයෙන්ද පසුව උසස් පෙළ දක්වා වැලිගම ශ්‍රී සුමංගල විද්‍යාලයෙන්ද අධ්‍යාපනය ලැබූවා.

කුඩා කළ සිටම ව්‍යාපාරික පරිසරයක් තුළ හැදී වැඩුණද මුලින් වෙනත් කර්මාන්තවල නියැලුණු සුමනපාල මහතා පසුව රෙදිපිළි විලාසිතා අලෙවියට පිවිසුණා.

ඒ අනුව ධර්මලතා මහත්මිය සමඟ සිදුවූ තම විවාහයෙන් පසුව ඔවුන් දෙපළ ගාල්ලේ YWCA ගොඩනැගිල්ලේදී සිය විලාසිතා ව්‍යාපාරය ආරම්භ කර තිබෙනවා.

ජනතාවට හැකිතාක් අඩු මුදලට භාණ්ඩයක් අලෙවි කිරීම, යමෙකුට රැකියාවක් ලබාදීම යනාදි යහපත් අරමුණැතිව සුළු ලාභයක් පමණක් ලබාගනිමින් පවත්වාගෙන ගිය එම ව්‍යාපාරයට ‘කොටුවේ කඩේ’ යන නාමය ජනතාව විසින්ම යොදන ලද්දක් බවයි වාර්තා වන්නේ.

පසුව එනමින්ම රට පුරාම ‘ගාල්ලේ කොටුවේ කඩේ’ අතිශය ජනප්‍රියත්වයට පත්වුණා.

ව්‍යාපාරික ජේ.ජී.සුමනපාල මහතා සිය බිරිඳ සහ දරු මුනුබුරන් සමඟ පසුව එම ව්‍යාපාරය, සිය දියණියන් දෙදෙනාගේ නම්වලින් එනම් ජයනි සහ මංජරී යන නාමයන් යොදමින් කොළඹ පුංචි බොරැල්ලේ ‘ලේඩි ජේ’ ලෙසත් ගාල්ල සහ නුගේගොඩ ‘මංජරී’ ලෙසත් ව්‍යාප්ත කෙරිණි.

මේ වනවිට එම ව්‍යාපාර පවත්වාගෙන යනු ලබන්නේ සුමනපාල මහතාගේ දරුවන් සහ බෑණාවරුන් විසිනි.

සුමනපාල මහතාගේ ව්‍යාපාර අරමුණු තවදුරටත් රැකගනිමින් පවත්වාගෙන යාම නිසා එම ව්‍යාපාරය තවදුරටත් රට පුරා පුළුල් වෙමින් අද වනවිට Lady J සාප්පු සංකීර්ණයක් මහරගම දක්වාද විහිදී ගොස් තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

උසස් පෙළ විභාගය ගැන නිවේදනයක්

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළව අද (19) මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි විභාග අපේක්ෂකයින් සඳහා උපකාරක පංති පැවැත්වීම, සම්මන්ත්‍රණ,...

රාත්‍රී තැපැල් දුම්රිය ප්‍රමාදයක්

උඩරට දුම්රිය මාර්ගයේ දියතලාව දුම්රිය ස්ථානය අසලදී අද (19) සවස දුම්රියක් පීලි පැනීමට ලක්වුණා. මේ හේතුවෙන් අද රාත්‍රී බදුල්ල දුම්රිය ස්ථානයෙන් සවස 6.30 ට පිටත්...

රංජිත් මද්දුම බණ්ඩාර ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස, රංජිත් මද්දුම බණ්ඩාර පත්කර තිබෙනවා. මැතිවරණ කොමිසම පෙන්වා දෙන්නේ මේ සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය නිකුත් කළ බවයි.

POPULAR ARTICLES