30 C
Colombo
Sunday, January 5, 2025

අතුරුදහන් වූ ඩෙන්මාර්ක් කාන්තාවගේ සිරුර හමුවෙයි

- Advertisement -

කඩුගන්නාව ප්‍රදේශයේ පිහිටි කන්දක් නැගීමට ගොස් පසුගිය 10 වනදා සිට අතුරුදහන් වූ 32 හැවිරිදි ඩෙන්මාර්ක් ජාතික සංචාරක කාන්තාවක්ගේ සිරුරා අද (14) දිනයේ දී සොයා ගැනීමට හැකිව තිබෙනවා.

ඇය එදින උදේ 8.30ට පමණ කඩුගන්නාව ප්‍රදේශයේ පිහිටි කන්දක් නැගීමට යන බව පවසමින් හෝටලයෙන් පිටව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මෙම කන්ද නැගීමට යන බවට පැවසු විදේශීය කාන්තාව නැවත හෝටලයට නොපැමිණීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් එහි අයිතිකරු පොලීසියට පැමිණිල්ලක් කර තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර සංචාරක පොලීසිය කියා සිටියේ මෙම මරණයට හේතුව සොයා තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක බවයි.

ඇය පිටත්ව යන බව කියූ ප්‍රදේශයක තිබී මෙම සිරුර හමුව ඇති බවයි වාර්තා වන්නේ.

RECENT ARTICLES - SINHALA

දකුණු පළාත් සභාවේ වාහන 201ක් අතුරුදන්

දකුණු පළාත් සභාවේ ආයතනවල නමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර තිබු වාහන සහ යතුරුපැදි 201ක භෞතික පැවැත්ම තහවුරු කර ගැනිමට නොහැකිවි ඇති බව...

පොලීසියෙන් විශේෂ රථවාහන ව්‍යාපෘති දෙකක්

Clean Sri Lanka ව්‍යාපෘතියට සමගාමීව ශ්‍රී ලංකා පොලීසිය විසින් රිය අනතුරු හා රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා රථවාහන ව්‍යාපෘති දෙකක් ක්‍රියාවට නැංවීමට පියවර...

IMF වැඩපිළිවෙළ ගැන සාකච්ඡාවකට පේරාදෙණියෙන් තහනමක්

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කප්පාදු වැඩපිළිවෙල පරාජය කරන්නේ කෙසේද?” යන මැයෙන් පැවැත්වීමට නියමිත වූ දේශනය, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා විසින් අවලංගු කිරීම IYSSE-Sri Lanka විසින් දැඩි...

POPULAR ARTICLES

ඔස්ට්‍රේලියාවත් ටෙස්ට් ලෝක ශූරතා අවසන් සටනට

2023-25 ICC ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායමට අද (05) හැකිවුණා. ඒ, දකුණු ඔස්ට්‍රේලියාවේ සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඉන්දීය කණ්ඩායමට එරෙහිව...

ශ්‍රී ලංකාවට අමිහිරි පරාජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක නවසීලන්ත කණ්ඩායම අතර අද (05) පැවැති පළමු එක්දින තරගය කඩුලු 09කින් ජයගැනීමට නවසීලන්ත කණ්ඩාම සමත්වුණා. කාසියේ වාසිය දිනාගත්...

දකුණු පළාත් සභාවේ වාහන 201ක් අතුරුදන්

දකුණු පළාත් සභාවේ ආයතනවල නමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර තිබු වාහන සහ යතුරුපැදි 201ක භෞතික පැවැත්ම තහවුරු කර ගැනිමට නොහැකිවි ඇති බව...