26 C
Colombo
Friday, October 25, 2024

ඉන්දියාව සමඟ ගිවිසුම් පහක් අත්සන් කරයි

- Advertisement -

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය නිල සංචාරය අතරතුරදී ලංකාවට සහ ඉන්දියාවට බලපාන ගිවිසුම් පහක් අත්සන් කිරීමට නියමිත බවට වාර්තා වෙනවා

එම ගිවිසුම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා හමුවී කළ සාකච්ඡාවේදී තහවුරු කර ගෙන තිබෙන බවයි සඳහන් වන්නේ.

මෙම ගිවිසුම් සම්බන්ධයෙන් ඉන්දීය විදේශ ලේකම් විනේ මෝහන් ක්වාත්‍රා මහතා ද සාගල රත්නායක මහතා දැනුවත් කර තිබෙනවා.

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර තිබෙන මිත්‍රත්වය වර්ධනය කර ගනිමින් දෙරට අතර ආර්ථික සහයෝගීතාවය වර්ධනය කර ගැනීම වෙනුවෙන් මෙම ගිවිසුම් අත්සන් කිරීමට නියමිත බවයා සඳහන් වන්නේ.

පූනර්ජනනීය බලශක්තියට අදාලව ද, දෙරට අතර මුහුද යටින් තෙල් නල එළීම හා විදුලිය කේබල් එලීමට අදාලව ද, ත්‍රිකුණාමලේ ප්‍රදේශය ආශ්‍රිතව ආර්ථික කලාපයක් ඇති කිරීමට අදාලව ද, ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ මිලදී ගැනීමේදි සෘජුවම ඉන්දීය රජය මගින් එය මිලදී ගැනීමට අදාලවද, කිරි නිෂ්පාදනයට අදාලව ද දෙපාර්ශවය අතර ගිවිසුම් අත්සන් කිරීමට නියමිත බව වාර්තා වෙනවා

ජනාධිපතිවරයා ඉන්දියාවට යාමට පෙර හා ඉන්දිය සංචාරය අතරතුර මෙම ගිවිසුම් අත්සන් කරන බවයි සඳහන් වන්නේ.

RECENT ARTICLES - SINHALA

ඇල්පිටිය ඡන්ද විමසීම හෙට

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම සඳහා අවශ්‍ය සියලු නිලධාරින්, ඡන්ද පත්‍රිකා සහ අනෙකුත් බඩුබාහිර අදිය අද (25) අදාළ මධ්‍යස්ථාන වෙත රැගෙන යන බව මැතිවරණ...

මොනර මස් කෑ තවත් විදේශිකයන් පිරිසක් සොයා විමර්ශන

විදේශිකයෙක් ආදිවාසීන් සිව්දෙනෙකුද සමග එක්ව මාදුරුඔය ජාතික වනෝද්‍යානයට අනවසරයෙන් ඇතුළු වී මොනරෙකු මරා ආහාරයට ගන්නා අයුරු රූ ගතකළ වීඩියෝවක් සම්බන්ධයෙන් වනජීවි දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ...

නිවෙස් කොල්ලකෑ සැකකරුවෙක් අත්අඩංගුවට

ජා-ඇල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මාකවිට ප්‍රදේශයේදී වරෙන්තු නිකුත් වී සිටි සැකකරුවෙකු ඊයේ (24) අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සැකකරු වයස අවුරුදු 28ක් වන ගෝනෑව,...

POPULAR ARTICLES

හොංකොං යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මෙන්න

හොංකොං ඉන්ටර්නැෂනල් සික්සස් තරඟාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. නොවැම්බර් 1 - 3 වනදා දක්වා පැවැත්වෙන එම තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 7 දෙනෙකුගෙන්...

ගම්පහ ඉන්න අයට විශේෂ දැනුම්දීමක්

‍ගම්පහ සම්ප්‍රේෂණ නල මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය...

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ලාංකිකයින්ට විශේෂ නිවේදනයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් ප්‍රකාශයට පත් කර ඇති පොදු සමා කාලය 2024 ඔක්තෝබර් මස 31 වන දිනෙන් අවසන් වීමට නියමිත බව ඩුබායි හි...