31 C
Colombo
Friday, October 25, 2024

ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ ලංකාව පදක්කම් සටහනේ 4 වැනි ස්ථානයට

- Advertisement -

තායිලන්තයේ පැවැත්වෙන ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ රන් පදක්කමක් සහ රිදී පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත්ව තිබෙනවා.

ඒ අනුව අද(16) පැවති මීටර 400X4 පිරිමි සහාය දිවීමේ ඉසව්වේ අවසන් තරගයේ අද පැවැති අතර ඊට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අරුණ දර්ශන, කාලිංග කුමාරගේ, රාජිත රාජකරුණා සහ පබසර නිකූ සහභාගි වුණා.

එම ඉසව්ව විනාඩි 03. තත්පර එකයි දශම 5යි6කින් නිම කළ ශ්‍රී ලංකා කණ්ඩායම නව තරග වාර්තාවක් සහ නව ශ්‍රී ලංකා වාර්තාවක් සමගින් රන් පදක්කම දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

මේ අතර ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ කාන්තා මීටර් 400×4 සහාය දිවීමේ ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට ද ශ්‍රී ලංකාව අද සමත්වුණා.

මෙම තරග ඉසව්වේදී නදීෂා රාමනායක, තරුෂි කරුණාරත්න, සයුරි මෙන්ඩිස් සහ නිශේන්ද්‍රා ප්‍රනාන්දු ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ අතර එහිදී විනාඩි 03 යි තත්පර 33 යි දශම 2යි7කින් තරගය නිමකල ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් නව ශ්‍රී ලංකා වාර්තාවක්ද පිහිටුවනු ලැබුවා.

ඒ අනුව මෙවර තරගාවලියේදී රන් පදක්කම් 3ක් රිදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම් 3ක් සමගින් සමස්ත පදක්කම් 8ක් දිනා ගැනීමට සමත් වු අතර එය ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියක ශ්‍රී ලංකාව දිනාගත් වැඩිම පදක්කම් සංඛ්‍යාව ලෙස වාර්ත් අතරට එක්වුණා.

එම පදක්කම 8ත් සමග ශ්‍රී ලංකාව පදක්කම් සටහනේ සිව්වන ස්ථානය දිනා ගත් අතර එය ශ්‍රී ලංකාව ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලි ඉතිහාසයේ පදක්කම සටහනක හිමිකර ගත් ඉහළ ස්ථානය මෙය වෙනවා.

RECENT ARTICLES - SINHALA

රන්ජන්ගේ නාමයෝජනාවට එරෙහිව නඩුදාලා

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. රන්ජන් රාමනායක මහතා ඉදිරි මහ මැතිවරණයට ගම්පහ...

පමුණුගම පොලීසියට ප්‍රදේශවාසීන්ගෙන් විරෝධයක්

පොලිස් අත්අඩංගුවට ගත් තරුණයින් දෙදෙනෙකුට අමානුෂික ලෙස පහරදුන් බවට චෝදනා කරමින් ප්‍රදේශවාසින් පිරිසක් ඊයේ (24) පස්වරුවේ පමුණුගම පොලිස් ස්ථානය ඉදිරිපිටට පැමිණ විරෝධතාවක නිරත ව...

රාජ්‍ය සේවාව ඩිජිටල්කරණය කිරීම ගැන අගමැතිනියගෙන් ප්‍රකාශයක්

රාජ්‍ය සේවය විධිමත් කිරීමට සහ විනිවිදභාවය ඇති කිරීමට රාජ්‍ය සේවාව ඩිජිටල්කරණය කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ වරලත් ආයතනයේ...

POPULAR ARTICLES

හොංකොං යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මෙන්න

හොංකොං ඉන්ටර්නැෂනල් සික්සස් තරඟාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. නොවැම්බර් 1 - 3 වනදා දක්වා පැවැත්වෙන එම තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 7 දෙනෙකුගෙන්...

ගම්පහ ඉන්න අයට විශේෂ දැනුම්දීමක්

‍ගම්පහ සම්ප්‍රේෂණ නල මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය...

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ලාංකිකයින්ට විශේෂ නිවේදනයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් ප්‍රකාශයට පත් කර ඇති පොදු සමා කාලය 2024 ඔක්තෝබර් මස 31 වන දිනෙන් අවසන් වීමට නියමිත බව ඩුබායි හි...