31 C
Colombo
Friday, October 25, 2024

සෞදි ගිය කත අල්පෙනිති කටු සමග යළි දිවයිනට

- Advertisement -

සෞදි අරාබියේ ගෘහ සේවය සදහා ගිය එක් දරු මවකට එම රටේදි ශරිරයේ විවිධ ස්ථානවලට අල්පෙනිති කටු ගසා වද හිංසා පමුණුවා තිබෙන බවට වාර්තා වෙනවා.

මේ සම්බන්ධයෙන් එම කාන්තාවගේ සැමියා වන නාගරාජන් අජිත්කුමාර් විසින් ඊයේ (16) දින ආගරපතන පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා.

මෙසේ අල්පෙනිති කටු ගසා වද හිංසාවට ලක් වි ඇත්තේ ආගරපතන පොලිස් වසමට අයත් තලවකැලේ ලිදුල ගැනිගල් වත්තේ හෙන්ෆෝල්ඩ් වත්තේ පදිංචි වි.සිවරංජනි (30) හැවරිදි එක්දරු මවක්.

තම නිවසේ පවතින දැඩි ආර්ථික අපහසුතා හේතුවෙන් ඉකුත් මස (17) දින කොළඹ ප්‍රදේශයේ පිහිටි විදේශ රැකියා එජන්සියක් මාර්ගයෙන් සෞදි අරාබියේ ගෘහසේවයට ගොස් තිබෙනවා.

එහිදි එම රටේ භාෂාව නොදැනිම හේතුවෙන් තම බිරිදට එම නිවසේ හිමිකාර කාන්තාව අවස්තා කිහිපයකදි පහර දි අල්පෙනිති කටු ගසා දැඩි ලෙස වද හිංසාවට ලක් කර ඇති බව ඇයගේ සැමියා කියා සිටිනවා.

ඇයට පහර දි ශරිරයේ අල්ලට , කලවා ප්‍රදේශයට මෙන්ම විවිධ ප්‍රදේශවලට දරුණු ලෙස පහර දි වද හිංසා ලබාදෙන බවට බිරිද විසින් තමන්ට දුරකථනය ඔස්සේ දැනුම් දුන් බව ඇයගේ සැමියා පවසනවා.

පසු ඇයව සෞදි අරාබියේ ගෘහසේවයට යැවු විදේශ රැකියා එන්ජිය වෙත කිහිපවරක් දැනුම් දිමෙන් පසු ඇය මෙරටට ගෙන්වා ගැනිමට රු ලක්ෂ 10 ක මුදලක් එම එජන්සි හිමිකරුවන් තමන්ගෙන් ඉල්ලු බව සැමියා කියා සිටිනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දැක් වු වි.සිවරංජනි මහත්මිය කියා සිටියේ ,

ගෙදර ආර්ථික ප්‍රශ්න නිසාතමයි මම සෞදි අරාබියේ රැකියාවට ගියේ සෞදි ආරබියේ රියාත් නගරයේ ගෙදරක තමයි මම වැඩ කලේ, ගිය දවසේම මට ගොඩක් වැඩ දුන්නා කරන්න,ඊට පසුදින මටඉනිමක් දිලා උඩ නැගලා නිවස සුද්ද කරන්න කිව්වා.

මම වැඩ කරනකොට ඉනිමග ලිස්සලා මම වැටිලා ඔළුව වැදුණා , මට අමාරු වුණා ඊට පස්සේ පැයක් විවේක අරන් වැඩ කරන්න කිව්වා, මම අමාරුවෙන් වැඩ කරා , මට දිගටම හිරිහැර වුණා.

මට කිව්වා අවුරුදු තුනක් මොනවා වුනත් අපි ගාව වැඩ කරනවා කියලා ලිවුමක් ලියලා දෙන්න කියලා , ඊට පස්සේ මට ගෙදරට කතා කරන්න කෝල් එකක් අරන් දුන්නා.

ගෙදරින් මට කිව්වා එහෙම ලිවුම් වලට අත්සන් කරන්න එපා කියලා, පස්සේ මගේ මහත්තයා මාව ගෘහ සේවයට යවපු එජන්සියට ගිහින් කිව්වා මාව ආපහු ලංකාවට ගෙනල්ලා දෙන්න කියලා.

ඒ අය රු ලක්ෂ 10 ක් ඉල්ලලා තිබුණා , අපි ගාව එච්චර සල්ලි නැ , මහත්තයා ගුවන්ටිකට්පත් සදහා ලක්ෂ දෙකක් දෙන්න කිව්වා , එකට මහත්තයට එජන්සියෙන් බැනලාතිබුණා.

දවසක් මම නාලා එනකොට ගෙදර අයිතිකාර ගැහැණු කෙනා මාව අල්ලගෙන අල්පෙනිතිඇන්නා , ඊට පස්සේ මම එයා එක්ක රණ්ඩු වුනත් මට පොර බදන්න ශක්තියක් තිබුණේ නැ , මට සිහිය නැති වුණා.

පහුවදා මට සිහිය එනකොට මගේ ඇගම වේදනාවක් ආවා , පස්සේ මම ඒ ගැන ලංකාවෙන් ගෘහ සේවයට ගිහින් ඉන්න අපේ ඥාතියෙකුට කිව්වා.

එයා අරාබි භාෂාවෙන් ගෙදර ගැහැණු කෙනාට කතා කරලා කිව්වා මම ඔයගොල්ලොන්ගේ ගෙදර වැඩට එන්නම් නංගිව ලංකාවට යවන්න කියලා.

ඊට පස්සේ මාව ලංකාවේ තනාපති කාර්යාලයට ගෙනල්ලා දැම්මා ,තනාපති කාර්යාලයේ හිටපු කෙනෙක් මගේ ඇගේ සැරව ගෙඩියක් තියෙනවා දැකලා , ඒක මිරිකන්නද ඇහුවා , මම හා කිව්වා ඒක මිරිකද්දි අල්පෙනිත්තක් එලියට ආවා.

ඊට පස්සේ මගේ ශරිරය පුරා තුවාල තිබුණි නිසා ඊට පහුවදාම මාව ලංකාවට එව්වා ,මම ලංකාවට ඇවිල්ලා නුවරඑලිය මහ රෝහලට ගිහින් ප්‍රතිකාර ගන්න ගියපු වෙලාවේරෝහලෙන් ඇගේ ඇණලා තිබුණු අල්පෙනිති කටු දෙකක් එලියට ගත්තා.

තවත් කටු කිහිපයක් ඇගේ තියෙනවා කියලා ආයේ දවසක ඇවිල්ලා රෝහල් ගත වෙන්න කිව්වා , අපි හරි දුප්පත් , මෙවැනි එජන්සි වලින් රට යන්න එපා මට වුණ වෙන කාටවත් වියයුතු නැති බවයි ඇය වැඩිදුරටත් පවසා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

රන්ජන්ගේ නාමයෝජනාවට එරෙහිව නඩුදාලා

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. රන්ජන් රාමනායක මහතා ඉදිරි මහ මැතිවරණයට ගම්පහ...

පමුණුගම පොලීසියට ප්‍රදේශවාසීන්ගෙන් විරෝධයක්

පොලිස් අත්අඩංගුවට ගත් තරුණයින් දෙදෙනෙකුට අමානුෂික ලෙස පහරදුන් බවට චෝදනා කරමින් ප්‍රදේශවාසින් පිරිසක් ඊයේ (24) පස්වරුවේ පමුණුගම පොලිස් ස්ථානය ඉදිරිපිටට පැමිණ විරෝධතාවක නිරත ව...

රාජ්‍ය සේවාව ඩිජිටල්කරණය කිරීම ගැන අගමැතිනියගෙන් ප්‍රකාශයක්

රාජ්‍ය සේවය විධිමත් කිරීමට සහ විනිවිදභාවය ඇති කිරීමට රාජ්‍ය සේවාව ඩිජිටල්කරණය කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ වරලත් ආයතනයේ...

POPULAR ARTICLES

හොංකොං යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මෙන්න

හොංකොං ඉන්ටර්නැෂනල් සික්සස් තරඟාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. නොවැම්බර් 1 - 3 වනදා දක්වා පැවැත්වෙන එම තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 7 දෙනෙකුගෙන්...

ගම්පහ ඉන්න අයට විශේෂ දැනුම්දීමක්

‍ගම්පහ සම්ප්‍රේෂණ නල මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය...

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ලාංකිකයින්ට විශේෂ නිවේදනයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් ප්‍රකාශයට පත් කර ඇති පොදු සමා කාලය 2024 ඔක්තෝබර් මස 31 වන දිනෙන් අවසන් වීමට නියමිත බව ඩුබායි හි...